කොවිඩ් 19 වෛයිරසය සම්බන්ධයෙන් මුහුණු පොත හරහා නිරන්තරයෙන් සමාජය දැනුවත් කරන වෛද්‍යවරයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා හැඳින්විය හැක. කොරෝනා සුව කිරීමට බෙහෙත් අවශ්‍ය නැති බවත්, එය ඉබේම සුව වන බවත් වෛද්‍යතුමා පැහැදිලි කරයි.
කොවිඩ්19 රෝගය සුව කරන්න බෙහෙත් අවශ්‍ය නැහැ. හෙම්බිරිස්සාව වගේ ඉබේම සුව වෙනවා. ඒත් මේ වෛරසය සමහර අයට විතරක් හෙම්බිරිස්සා වෛරසයට වඩා සංකූලතා ඇති කරනවා. එයයි වෙනස. උදාහරණ කිහිපයකින් මෙය පහදා දෙන්නම්.
වෛරසය පෙනහලු වලට දියර පුරවලා එහි තන්තු බැඳී පෙනහලු ගල් කරවනවා. එවිට පෙනහලු වැඩ කිරීම නැවතී ලෙඩා මිය යන්න පුළුවනි.අවධානයෙන් නොසිටියහොත්. හුස්ම ගන්න අපහසු වුනොත් එසේ සංකූලතා වලක්වන්න Dexamethasone ඖෂධයත්, ඔක්සිජන් වායුවත් ලබාදෙනවා.
එනිසා ඒ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්. හෘදය දුර්වල හෘද රෝගීන්ට මෙම වෛරසය එම ඉන්ද්‍රිය තව දුර්වල කරනවා. අවධානයෙන් නොසිටියහොත් ලෙඩා ගෙදර සිටියත් රෝහලේ සිටියත් මියයනවා.
එවන් රෝගීන් හොඳින් නිරීක්ෂණය කල යුතුයි. ECG, හා Echo පරීක්ෂණ වැදගත්. වකුගඩු දුර්වල , දියවැඩියා , අධිරුධිර පීඩනය වැනි තත්ව ඇති කොවිඩ් රෝගීන් හා වයස්ගත රෝගින් ගැන අවධානයෙන් නොසිටියහොත් වකුගඩු අක්‍රිය වී රෝගීන් මිය යනවා.
වකුගඩු ක්‍රියාකාරීත්වය බලන creatinine වැනි රුධිර පරීක්ෂණ සිදුකර ඔවුන් ගැන අවධානයෙන් සිටීමයි වැදගත්. රුධිර කැටගැසීම ගැනත් අවධානයෙන් සිටීම වැදගත්.
එම රෝග වලට ඔෘෂධ තියෙනවා. මොලයට හා ස්නායු වලට සිදුවන බලපෑම් අංශභාගය හෝ මොලයේ ක්‍රියාකාරකම් දුර්වල කර හා මානසික රෝග ඇති වේද කියා අවධානයෙන් සිටිය යුතුයි.
අවශ්‍ය තැන් වලදී ප්‍රතිකාර කල යුතුයි. රෝගය සෑදී දවස් 10-14 අතර වෛරසය ශරීරයේ නිකම්ම අක්‍රිය වෙනවා. ඉන්පසු එය කාටවත් බෝවෙන්නෙ නැහැ. මේ කාලයේ සිදුකරන PCR පොසිටිව්/ නෙගටිව් වලින් වැඩක් නැහැ. වෛරසය තිබුනත් එය අක්‍රිය වී ඇති නිසා එවිට කාටවත් රෝගය ඇති කරන්නෙ නැහැ එය පොසිටිව්වුනත් නෙගටිව් වුනත්.
රෝගය සෑදී දින 14 කට පසු මැරුණු මිනිසෙකු ගැනත් ඒකමයි කියන්න තියෙන්නෙ. ඒත් දින 14 කට පෙර බොහෝ අය මිය යනවා රෝගයේ සංකූලතා නිසා හෝ අනතුරු නිසා. එවිට වෛරසය ටික දිනක් සක්‍රියව තිබීමට පුලුවන්. එනිසයි මේ මලමිනී ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නෙ.
රෝග ලක්ෂණ මතුවන විට වෛරසය ශරීරය තුල පැතිරී ඇති නිසා වෛරස් නසන ඖෂධ Remdesivir වැනි ඔෘෂධ එතරම් ඵලදායී නැහැ. එවිට වෛරසය මරා දැම්මාට ශරීරයට ලොකු වැඩක් වෙන්නෙ නැහැ.මන්ද ශරීරය විසින්ම ප්‍රතිදේහ සාදමින් ඒවා මරා දැමීම අරඹා ඇති නිසා.
වෛරසය ශරීරයට ඇතුලුවෙන විටම එම බෙහෙත් දුන්නොත් නම් ප්‍රයෝජනවත් වේවි. ඒවා ඕනි වෙන්නෙ ඒවා රෝගියෙක් ලබා ගත්තොත් ඔහුගෙන් වෙනත් අයට ඉන්පසු රෝගය පැතිරීම නවත්වන්නයි.
ළඟකදී ඇමරිකාවේ Molnupiravir ඖෂධය ගැන මුගටි ආශ්‍රයෙන් පර්යේෂණයක් කර ඔප්පු කලා එම ඖෂධය මුලදිම රෝගියෙකු ලබා ගත්තොත් පැය 24කින් වෛරසය ඔහුගේ ශරීරයේම අක්‍රියවී වෙන කාටත් ලෙඩේ බෝ නොවෙන බව. ළඟදිම එය අනුමත වේවි. තවම එහි ආරක්ෂා බව තහවුරු කරගෙන යනවා. මේ ගැන Nature Microbiology සඟරාවේ දෙසැම්බර් කලාපයේ පලවුනා.
ඔන්න කොරෝනා බෙහෙත් ඕන ඕකටයි. රෝහලකින් කෙරෙන්නෙ ඕකයි.වෛරසයෙන් ඇතිවන විනාශකාරී සංකූලතා හෙවත් අතුරු අබාධ සෑදෙන වාද කියා බලා සිට එම ආබාධ වලට ප්‍රතිකාර කිරීමයි. සංකූලතා සෑදෙනවාද කියා හැම රෝගියෙක් ගැනම අවධානයෙන් ඉඳලා එම අවස්ථාවේ එම සංකූලතා වලට ප්‍රතිකාර කරමින් ශරීරය විසින්ම ප්‍රතිශක්තිය සාදා ලෙඩේ හොඳ කර ගන්නකම් ලෙඩාව බලා ගත යුතු වෙනවා.