ලෙබනන් අගමැති ධුරයට සමුදෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 15, 2021

ලෙබනන් අගමැති ධුරයට සමුදෙයි

ලෙබනන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාද් හරීරී, එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. හරීරී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව පැවැසෙන්නේ ලෙබනන් ජනාධිපති නිල නිවස වන බාදා මන්දිරයේ දී, ලෙබනන් ජනපති මයිකල් එයොන් හමුවීෙමෙන් පසුවය.

පසුගිය මාස 18 පුරාවට නව රජයක් පිහිටුවීමට සාද් හරීරී උත්සහ කළේය. ඒ, කඩිනමින් රජයක් පිහිටුවන්නැයි ප්‍රංශය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වුණු පීඩනය මැදය. 

හරීරී ඔහුට හිතවත් දේශපාලන පක්ෂ ද හවුල් කර ගනිමින්, ඇමැතිවරුන් 24 දෙනකුගෙන් සමන්විත රජයක් පිහිටුවීමට සැලැසුම් කළත්, ජනාධිපති මයිකල් එයොන්ගෙන් ඊට අනුමැතිය හිමි නොවිණි. 

ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි නොවුණේ එම ඇමැති මණ්ඩලයේ වැඩි දෙනා ඉස්ලාමීය අන්තවාදී අදහස් ඇති දේශපාලනඥයන් වීම නිසාය. 

දේශපාලනික සහ ආගමික මත ගැටුම් නිසා ලෙබනනයේ දේශපාලන අර්බුදයක් පවතින්නේ 2019 වසරේ සිටය. කොරෝනා වසංගතය හේතුවෙන් ද එරට කටයුතු අඩපණ වී ගොස් තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටී ඇතැයි පැවැසෙයි.

එපමණක් නොව, ලෙබනනය ඉතාමත් දරුණු ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. රජයක් නොමැති වීමෙන් මෙම අර්බුද උත්සන්න වී ඇති අතර ලෙබනන් වැසියෝ මහත් සේ පීඩාවට පත් වී සිටිති. 

හරීරී ට නව රජයක් පිහිටුවීමට නොහැකිවීමත් සමග රටේ පවතින අර්බුද තවත් උත්සන්න වනු ඇති බවත් ලෙබනන් වැසියන්ගේ අනාගතය අවිනිශ්චිත බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom