යානය මූදට වැටිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 10, 2021

යානය මූදට වැටිලා

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හැට දෙදෙනකු සමඟ අනතුරට පත් වී කඩාවැටුණු ඉන්දුනීසියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියා දූපත් පිහිටි ජාවා මුහුදෙන් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

කඩා වැටුණු මෙම මගී යානය ඉන්දුනීසියාවේ 'ශ්‍රී විජය' ගුවන් සේවයට අයත් අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. 

'ශ්‍රී විජය' යනු ඉන්දුනීසියාවේ පැරණිතම ගුවන් සේවයකි. ඉන්දුනීසියාව ජාත්‍යන්තරයට සම්බන්ධ වන්නේ ද 'ශ්‍රී විජය' ගුවන් සේවය හරහාය.

මගී යානය, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී ඇත්තේ බටහිර කලිමටාන් පළාතේ පොන්ටියනාක් නගරය බලා යෑමටය.

ගුවන්ගත වී මිනිත්තු 4 ක් ගතවෙද්දී යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වී තිබේ. 

එය හිටිහැටියේ අඩු 10,000 ක් පහළට ගිය බව රේඩාර් තිරයෙන් දකින්න ලැබුණු බව ද ගුවන් බලධාරීහු කියති. 

අනතුරට පත් වෙන්න ඇතැයි පැවැසෙන යානය අවුරුදු 27 ක් පැරණි බෝයිං 737-500 යානයකි.

වෙරළාරක්ෂක නිලධාරීන් සහ ඉන්දුනීසියානු හමුදාව එක් වී යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය සෙවීම ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.

යානය කඩා යැටෙන්න ඇත්තේ අකුණක් වැදීමෙන් යැයි සැක කෙරේ.

රොයිටර්

Classified_Ad