එලිසබත් රැජිනට එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 10, 2021

එලිසබත් රැජිනට එන්නත ලැබේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු ‘කොවිඩ්-19’ එන්නත් ලබාගත් බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (9) සඳහන් කළේය.

‘‘මහ රැජින සහ එඩින්බර්ග්හි ආදිපාදවරයා (පිලිප් කුමරු) කොවිඩ්-19 එන්නත් ලබාගත්තා’’ යැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින 94 වැනි වියේ පසුවන අතර පිලිප් කුමරු 99 වියේ පසුවෙයි. 

වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය යන පදනමේ යටතේ මහරැජින සහ පිලිප් කුමරු එන්නත ලබාගත්හ.රජ මාලිගයේ වෛද්‍යවරයකු දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නිවස වන වින්ඩ්සර් මාලිගයේදී මහ රැජිනට සහ පිලිප් කුමරුට එන්නත ලබා දී තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom