කොරෝනා එන්නත ගනිද්දී කල්පනාවෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 10, 2021

කොරෝනා එන්නත ගනිද්දී කල්පනාවෙන්

අසාත්මිකතා ඇතිනම් දැනට ලබා දෙන 'ෆයිසර්' එන්නත හෝ වෙන කිසිදු එන්නතක් හෝ ලබා ගැනීමෙන් වැළැකී සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෙවද්‍යවරු අනතුරු අගවති.

 'කොවිඩ් 19' වයිරස වසංගතය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ අනතුරු ඇඟවීමක් කළේ 'කොවිඩ් 19' වයිරසය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බියක් සහ සැකයක් පැතිරීම නියා යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය සති අන්තයේ ඇමෙරිකන් පුවත් සේවා සහ නෝර්වීජියානු පුවත් සේවා වාර්තා කළේ 'ෆයිසර්' සමාගම නිපදවා ඇති එන්නත ලබා ගත් තිදෙනකු මියගිය බවය. 

ෆයිසර්' යනු ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම එක් වී නිපදවා ඇති 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ඇති කරන එන්නතය. 

සියයට 95 ක් සාර්ථක මෙයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය ලැබී ඇත. ඒ හදිසි තත්ත්වයකදී භාවිතයට සුදුසු බවට නිර්දේශ කරමිණි.

 'කොවිඩ් 19' වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් අතුරින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු පළමු එන්නත වන්නේ මෙයයි.'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගනිද්දී, අසාත්මිකතා ඇති නම්, වෙනත් බෝ නොවන රෝගී තත්ත්වයන් ඇතිනම් ඒ බව වෛද්‍යවරුන්ට හෝ හෙදියන්ට දැනුම් දීම කළ යුතු බවත්, එන්නත ලබා ගැනීමෙන් පසු මිනිත්තු 30 ක් පමණ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින්නේ නම්, එය වඩාත් සුදුසු බවත් වෛද්‍යවරු කියති.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom