
ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර සහ එරට ජනපද 50 සෑම අගනගරයකම ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වීමට සැලැසුම් කර ඇතැයි එරට ෆෙඩරල් විමර්ශන ආයතනය වන එෆ්.බී.අයි. ආයතනය අනතුරු අඟවයි.
ජනවාරි 16 වැනිදා ඇමෙරිකාවේ සෑම ජනපදයකටම අයත් අගනගරයක ද ජනවාරි 17 වැනිදා සිට ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් නුවරද ආයුධ සන්නද්ධ විරෝධතා ආරම්භ වනු ඇතැයි ද එෆ්.බී.අයි. ආයතනය අනතුරු අඟවයි.
තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිදා ය.
එදින තෙක් මෙම විරෝධතා පැවැත්වෙනු ඇතැයි ද එෆ්.බී.අයි. ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ව්‍යවස්ථාදායකය ඇතුළු රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ආයුධ සන්නද්ධ විරෝධතා ක්‍රියාත්මක වනු ඇතැයි එෆ්.බී.අයි. ආයතනය දෙසැම්බර් 29 වැනිදා අනතුරු අඟවා ඇතැයි ද මේ වනවිට අනාවරණය වී තිබේ.
විරෝධතාවලට සහභාගී වන ඇතැම් පිරිස් අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් යැයි ද එෆ්.බී.අයි. ආයතනය තවදුරටත් අනතුරු අඟවා තිබේ.
රොයිටර්