‘කොවිඩ්-19’ වයිරසයට එරෙහි සටනට සහ මුල් අවස්ථාවේදීම රෝග විනිශ්චය ඔස්සේ ජීවිත ආරක්ෂා කරගැනීමට දරන උත්සහායට සහාය දැක්වීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට ජංගම පරීක්ෂා ඒකකයක් පරිත්‍යාග කර ඇත.
මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙනුවෙන් වෛද්‍ය බී.එම්.සී. දසනායක මහතා ඉකුත් දා එම පරිත්‍යාගය භාරගත්තේය.
මෙම ජංගම ඒකකයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරෙන අතර දිනකට පුද්ගලයන් සියදෙනකුට අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා සැපයෙනු ඇතැයි ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එක්සත් ජනපද රජයේ සංවර්ධන ශාඛාව වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන ව්‍යාපෘතිය ජංගම පරීක්ෂා ඒකකයට අරමුදල් සැපයෙයි.