ඇමෙරිකා අධිකරණයක් අපරාධ චෝදනා ගොනු කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 10, 2021

ඇමෙරිකා අධිකරණයක් අපරාධ චෝදනා ගොනු කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම යටතේ අපරාධ චෝදනා ගොනු කළ බව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් තිදෙනා විදේශීය ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානයට අමුද්‍රව්‍ය සැපයීමට ක්‍රමන්ත්‍රණය කළේ යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව කියයි.

අයි.එස්.අයි.එස්. සංවිධානයට එම පිරිස “ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. (අයි.එස්.අයි.එස්. ඉන් ශ්‍රී ලංකා) සාමාජිකයන් යැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහ්මඩ් මිල්හාන් හයතු මොහොමඩ් යන අයට මෙලෙස චෝදනා ගොනු කර තිබේ.

මොවුන්ට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩුවක් ද ගොනු කර ඇත. 

ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ද සහාය ඇතිව වසර දෙකකට ආසන්න කාලයක් කරන ලද විමර්ශනවලින් පසුව මෙලෙස නඩු පවරා තිබේ.

මෙම සැකකරුවන් මේ වනවිටත් මෙරට ආරක්ෂක අංශවල රැඳවුම්භාරයේ පසුවන බවත් ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් අදාළ නිවේදනයේ දැක්වේ. 

Classified_Ad

Classified_Ad_News_Bottom