කොරෝනා විකෘතිය අපේ රටට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 13, 2021

කොරෝනා විකෘතිය අපේ රටට

එංගලන්තයේ සිට මෙරටට පැමිණි 'කොවිඩ් 19' රෝගියකුගේ සිරුරෙන්, එංගලන්තයෙන් මුල් වරට හඳුනා ගත් 'කොවිඩ් 19' වයිරසයේ විකෘති වූ නව ප්‍රභේදය හමුවුණැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව එම විකෘති කොරෝනා වයිරස ප්‍රභේදය පැතිර ගිය 51 වන රට වන්නේ ශ්‍රී ලංකාවය.

විකෘති වයිරස ප්‍රභේදය සොයා ගැනීම කර ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමකි. 

ඒ, නව වයිරස ප්‍රභේදයේ ජාන සැකැසුම අධ්‍යයනය කර බැලීමෙන් බව ද පැවැසෙයි.

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවීමත් සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ආසාදිතයන්ගේ ජෛව සාම්පල තම කණ්ඩායමට ලැබෙන බවත්, එසේ ලැබුණු සාම්පල අතරින් මෙම නව විකෘතිය සොයා ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර ඇත.

Classified_Ad