රුපියල තවත් පහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 13, 2021

රුපියල තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) නැවත වරක් 194ක් දක්වා පහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව විකුණුම් අගය අද (13) රුපියල් 194.07ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 190.33ක් ලෙසත් දැක්විණි.

අවසන් වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා පහළ ගියේ ඉකුත් දෙසැම්බර් මස 24 වැනිදා ය.රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

මේ අතර නවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 0.5කින් ඉහළ ගොස් ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom