පෘතුගාල ජනපතිට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 13, 2021

පෘතුගාල ජනපතිට කොරෝනා

පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙල්ලෝ දෙ සෝසා ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

පෘතුගාලයේ ජනාධිපතිවරණය ලබන ජනවාරි 24 වැනිදා පැවැත්වෙන අතර, 72 හැවිරිදි සෝසා සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත්වීමට සූදානමින් සිටී.

වෛද්‍යවරුන් පවසන්නේ, සෝසාගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය. 

මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ලිස්බන් නුවර පිහිටි ජනපති මන්දිරයේ නිරෝධායනය වීමට ජනාධිපතිවරයාට සිදුවී ඇත.

තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ඇන්තෝනියෝ කොස්ටා ට මෙන්ම පෘතුගාල සෞඛ්‍ය ඇමැතිනී මාර්තා ටෙමින්ඩෝ ට දැනුම් දුන් බව ද පැවැසෙයි.

පසුගිය ජනවාරි 5 වැනිදා ජනාධිපති මාර්සෙලෝ රෙබෙල්ලෝ දෙ සෝසාගේ සමීපතමයකු ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණින. 

ඒ අනුව ජනවාරි 6 වැනිදා සෝසා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී ඔහු වයිරස ආසාදිතයකු නොවන බව තහවුරු විය. 

කෙසේ නමුත් පෙරේදා (11) යළිත් වරක් වෛද්‍යවරුන් මැදිහත් වී, ජනාධිපතිවරය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ. 

ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ එම අවස්ථාවේදීය. 

මාර්සෙලෝ රෙබෙල්ලෝ ජනපති ධුරයේ රැඳී සිටින්නේ 2016 වසරේ සිටය. 

ඊයේ (12) වනවිට පෘතුගාලයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,89,293 ක් බවත් මරණ 7,925 ක් බවත් සටහන් විය. 

පෘතුගාලය දකුණු යුරෝපා රටක් වන අතර ජනගහනය 10,295,909 කි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom