නව නිවාස සංකීර්ණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 19, 2021

නව නිවාස සංකීර්ණයක්

කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත. 

මුළු නිවාස සංකීර්ණය අක්කර දෙකක භූමියක ඉදි කර තිබෙන අතර ඉතිරි අක්කර 10 ක භූමි ප්‍රමාණය වෙනත් ආර්ථික කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. 

සමුළු නිවාස සංකීර්ණය පිහිටි අක්කර දෙකක භූමියේ නව නිවාස ඒකක 400 ක් ඉදිකොට වසර දෙකක් තුළ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට භාර දීමට නියමිත ය. 

 ඒ අනුව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (19) සිදු කෙරුණි. 

 මෙම ගිවිසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරණු ලබන නිවාස යෝජනා ක්‍රමවලින් තවත් නිවස ඒකක 100 ක් රාජ්‍ය සේවා අමාත්‍යංශයට ලබා දීමට නියමිතයි. 

 කොළඹ නගරයේ අතීශය ඉහළ වටිනාකමකින් යුතු මෙම ඉඩම ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීමට රජය ගෙන ඇති තීන්දුවට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. 

 රාජ්‍ය සේවා අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති හර්ෂන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. 

කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස 1976 වසරේ දී ඉදි කර ඇති අතර රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් අක්කර 12 කින් සමන්විත මෙම භූමිය රජයේ නිලධාරීන් සඳහා වන නිවාස ඒකක 175 ක් හා බංගලා 15 කින් සමන්විත ය. 

රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හානාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඒකාබද්ධව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

කොළඹ නගරයේ සිදුවන තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයක් ලඟා කර ගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුව යමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු අමාත්‍යංශ දෙකේ ජෞෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom