ආතතිය වැඩි නම් එන්නත්වලින් වැඩක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 19, 2021

ආතතිය වැඩි නම් එන්නත්වලින් වැඩක් නෑ

මානසික පීඩනය සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු කරන බවත්, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි නිපදවන එන්නත්වල කාර්යක්ෂමතාව අඩු කිරීමට මානසික පීඩනය හේතුවක් වන බවත් ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

මානසික අවපීඩනය, ආතතිය හේතුවෙන්, ප්‍රතිශක්තිකරණ එන්නත්වල කාර්යක්ෂමතාව අඩුවී යන බව පැහැදිලි කළේ ‘කෝවැක්සින්’ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇති ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ විද්‍යාඥයන්ය. 

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට සූදානම් නම්, ඊට පෙර දිනයේ හොඳින් ව්‍යායාම කළ යුතු බවත් රාත්‍රියේ සුව නින්දක් අවශ්‍ය බවත් බයෝටෙක් විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

මේ වනවිට ඉන්දියානුවන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දීම සිදුවන අතර, එයින් එකක් වන්නේ මෙම ‘කොවැක්සින්’ එන්නතය. 

මෙය සියයට සියයක්ම ඉන්දීය නිෂ්පාදනයකි. ‘කොවැක්සින්’ එන්නත ලබා ගත් ඉන්දියානුවන් 51 දෙනකු එන්නත හේතුවෙන් අසාත්මිකතා පෙන්නුම් කර ඇති බව වෛද්‍යවරු පවසති. 

එම 51 දෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇත්තේ එක් අයකු පමණක් බවත්, ඔහුට ද කඩිනමින් ප්‍රතිකාර ලබා දීම සිදු කළ බවත් වාර්තා වේ. 

ඉන්දියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කෝවැක්සින්’ එන්නත නොව, ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති එන්නතය. 

මෙම එන්නත ඉන්දියාවේ පූනේ හි පිහිටි ‘සේරම්’ සගාමය මහා පරිමාණයෙන් අඩු මිලට නිපදවයි. ඒ, ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. 

(එන්.ඩී.ටීවී.)

Classified_Ad

Classified_Ad_News_Bottom