වත්මන් මිනිසා ඒකීයය, තම තම ලෝක තුළ හුදකලාය, නාසිසම්මය ලකුණු අබිමුඛය, වඩ වඩාත් පුද්ගල කේන්ද්‍රීයය, චීනකරණයෙන්ද-දේශපාලනකරණයෙන්ද-සංස්කෘතික රාමුවලින්ද පීඩිතය, මේ සිටියද මේ අතුරුදන්ය, අධිතාක්ෂණිකය, ක්ෂණිකය එසේම මන්දගාමීය, තනි ලෝකවල ෆැන්ටසීගතය, එදිරිවාදීය, ආත්මාර්ථකාමීය නමුත් කණ්ඩායම්ගතය.
ප්‍රගීත් රත්නායකගේ සිතුවම් පශ්චාද් යුදමය සහ පශ්චාද් නූතනමය වශයෙන්ද කථිකා කළ හැකි රූ ලෙස හැගේ. නිශ්චිත ලෙසින් නොපවතින, ආත්ම ලෙසින් සැරිසරන පුද්ගලයෝය.
ඒවායේ පසුබිම් වර්ණවත්ය, රූ එසේ නොවේ. (ඇතැමක් එසේය) ඒවා සමීපය, එහෙත් දූරස්ථමය බවක් පෙනේ. පිකාසෝගේ විවිධ වර්ණ යුග සිහිකරවමින් කොළ, නිල්, සුදු, වැනි ප්‍රභේද පෙන්වයි. සියලු රූ මුහුණුපොත් ඡායාරූප, නොඑසේ නම් යුද සමයේ ‘අතුරුදන් වූවන්ගේ’ ඡායාරූප මෙනි.
පෙළට සිටගනී. සමීපව සිටී. අදහසක් පළකරයි. එසේම ඉන් වියුක්ත ද වෙයි. සමීප බව තුළම හුදකලා බව පතයි. ඒවා කොටු හෝ
වෘත්තමය රාමුවකින් සිරවී ඇත.
ඉසුරු චාමර සෝමවීරගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ මා අමතනු කැමති, ‘හුදෙකලා දිවයිනක ෆැන්ටසිමය ශෝකාන්තය’තේමාව ප්‍රගීත්ගේ සිතුවම් තුළින්ද මතුවනු දැකිය හැකිය.
ඇතැම් රූවල මුහුණු මැකී ගොසිනි, එතැම් ඒවායේ ඒවා හොඳින් පෙනේ. කුලකගතව සිටින පුද්ගල රූ ගොනු සෘතු, අතීත ස්මරණ, අසාධාරණ ශෝකාන්ත, සමාජ අවධි, සංකේතයක් ලෙස ගෙන වර්ණ හසුරුවයි.
එකලස් නොවූ පුද්ගල රූ එකලස් කිරීමට ප්‍රගීත් තැත්දරයි. ඒ රූ වල අප වැනි රුවක් සොයා අප ප්‍රවේශමෙන් එදෙස බලාසිටිමු! ඔව් අපිද එහි සිටිමු!
෴ඩිල්ෂානි චතුරිකා දාබරේ