ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පසු කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පසු කරයි

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පසු කළේය. ඒ අනුව ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. 

කොරෝනා මරණ පමණක් නොව, ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. 

මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 28,850,000 පසු කර තිබේ. කොරෝනා මරණ ලක්ෂ 5 සීමාව පසු කළ බව අසන්න ලැබීමෙන් තමන්ගේ හදවත කම්පා වූ බව ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පවසා තිබේ. 

ඇමෙරිකන් ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ රූපවාහිනිය ඔස්සේය. මියගිය පිරිස සිහිපත් කරමින්, ඇමෙරිකා ධජ අඩකුඹුකර තබන්නැයි ද ජනාධිපති බයිඩන් ඇමෙරිකානු වැසියන්ගෙන් ඉල්ලීමක් ද කළේය. 

'කොරෝනා වසංගතයෙන් ලක්ෂ 5 ක් මියගියා. ඒක කොහොමද අපි දරාගන්නේ. වසංගතයට බිලිවුණු පිරිස අමතක කරන්න එපා. මේ වෙලාවේ රටක්, ජාතියක් විදියට අප සැවොම එකමුතුව එක්සත්ව කටයුතු කරන්න ඕනෑ. කොරෝනා වසංගතයට එකමුතුව මුහුණ දී එය පරාජය කරන්න ඕනෑ. මා සෑම දෙනකුගෙන්ම ඉල්ලීමක් කරනවා. තවමත් එන්නත් ලබාගෙන නැතිනම් එන්නත ලබාගන්න.' යැයි ජනාධිපති බයිඩන් පැවැසුවේ ඉතා හැඟීම්බරවය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom