ලොක්ඩවුන් කළේ බ්‍රිතාන්‍ය විකෘතිය නිසා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 15, 2021

ලොක්ඩවුන් කළේ බ්‍රිතාන්‍ය විකෘතිය නිසා

ඕක්ලන්ඩ් නුවර හදිසියේ දින 3 කට වසා දැමීමට සිදුවූයේ මහා බ්‍රිතාන්‍යෙයන් පළමු වරට හඳුනාගත් කොරෝනා වයිරසයේ නව විකෘති ප්‍රභේදය නිසා යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් අද (15) පැවැත් වූ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළාය. 

ලෝකයේ රටවල් රැසකට ව්‍යාප්ත වූ මෙම විකෘති ප්‍රභේදය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 50 ගුණයකින් පැතිරීමේ වේගය වැඩි බව පැවැසෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම නව විකෘතියෙන් බේරීමට නම්, මුහුණු ආවරණ දෙකක් පැලඳිය යුතු බවය. 

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් හදිසියේ ඕක්ලන්ඩ් නුවර වසා දැමීමට තීරණය කළේ ඊයේ (14) ය. ඒ, එකම පවුලේ තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙනි. 

‘බී117’ යන නමින් නිල වශයෙන් හැඳින්වෙන මෙම නව විකෘතිය නවසීලන්තයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

‘බී117’ විකෘතිය පළමුවෙන් හඳුනාගෙන ඇත්තේ එංගලන්තයේ කෙන්ට් පළාතෙනි. එංගලන්තය මහා බ්‍රිතාන්‍යයට අයත් බැවින්, මෙම නව විකෘතියි 'බ්‍රිතාන්‍ය වයිරස විකෘතිය’ ලෙසත්, ‘කෙන්ට් වයිරස විකෘතිය’ ලෙසත් හැඳින්වෙයි. 

නවසීලන්තය දූපත් රාජ්‍යයකි. ඕක්ලන්ඩ් නගරය ඇත්තේ උතුරු දිවයිනේය. ඕක්ලන්ඩ් හි ජනගහනය මිලියන 1,657 කි. 

අද (15) වෙලිංටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී නවසීලන්ත අගමැතිනිය පැහැදිලි කළේ හෙට (16) දිනයේ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ තමන් සාකච්ඡා පවත්වා ලොක්ඩවුන් තහංචි ඉවත් කරනවා ද නැතිනම් තව දින කීපයකට දීර්ඝ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom