‘අමල්’ ඡායාරූප එවලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 16, 2021

‘අමල්’ ඡායාරූප එවලා

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පළමු වරට අඟහරු ග‍්‍රහලොව ගවේෂණයට යැවූ ‘අමල්’ නමැති රොබෝ ගවේෂණ යානය, අඟහරුගේ ඡායාරූප එවීම ආරම්භ කර ඇත. 

‘අමල්’ යන්නෙහි අර්ථය බලාපොරොත්තුව යන්නය. මෙම රොබෝ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 9 වැනිදාය. අඟහරුගේ ඡුායාරූප ලබා ගැනීම, වායුගෝලය අධ්‍යයනය කිරීම අමල්ගේ අරමුණ වෙයි. 

අඟහරුගේ රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘අමල්’ රොබෝ යානයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයක් විය. 

අරාබි රාජ්‍යයකින් අඟහරු වෙත යැවුණු පළමු ගවේෂණ යානය වන්නේ ද ‘අමල්’ ය. ‘අමල්’ යානය රැදී සිටින්නේ අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 24,7000 ක් ඉහළ කක්ෂයේය. 

මෙය අඟහරු කක්ෂයේ රැදී සිටිමින් අඟහරු වටා ගමන් කරයි. 

අඟහරුගේ එක් වසරක් යනු දින 687 ක් වන අතර, ‘අමල්’ යානය වසරක කාලයක් අඟහරු ගවේෂණය කිරීමට නියමිතය. 

අමල්’ යානය අඟහරු වෙත යැවීම සිදුවූයේ පසුගිය වසරේ ජූලි මාසයේය. 

පසගිය වසරේ ජූලි මාසයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පමණක් නොව, චීනයත් ඇමෙරිකාවත් අඟහරු වෙත රොබෝ යානා යැවීම සිදු කළේය. ඒ, අඟහරු පෘථිවියට සමීපව පිහිටි අවස්ථාවේදීය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom