විල්ලුවේ මෘගයා: කළු බළල් අවතාරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 21, 2021

විල්ලුවේ මෘගයා: කළු බළල් අවතාරය

1983 වසරේ සිට ජනතාව බියට පත් කරන, ගොවිපළ සතුන්ට පහර දෙන අද්භූත සත්වයෙක් එක්සත් රාජධානියේ කෝන්වෙල් ප්‍රාන්තයේ ජීවත් වේ. පෙනුමෙන් මේ සත්වයා දැවැන්ත බළලකු වැනිය. මේ සත්ත්වයා හැඳින්වෙන්නේ ‘බොඩ්මින් කළු බළල් මෘගයා’ එහෙම නැතිනම් ‘කෝන්වෙල් මෘගයා’ කියාය. 

වගුරුවලින් පිරුණු කෝන්වෙල් ප්‍රාන්තයේ මීදුමෙන් පිරුණු තෙතමනයෙන් පිරි අඳුරු විල්ලුවේ සැරිසරණ මෙම දැවැන්ත කළු බිළාලයා එසේ සැරිසරණු දුටු බවට ඇසින් දුටු සාක්ෂි ගණනක් වාර්තා වී තිබේ. 1996 දී වගුරේ ඇවිදිමින් සිටි තරුණයකුට ගංගාවක ඉවුරේ තිබී හිස් කබලක් හමුවිණි. බැලූ බැල්මට ම මෙය අසාමාන්‍ය එකක් බව තරුණයාට පෙනී ගියේය. හිස්කබලේ දිග උල් කෘන්තක දත් දෙකක් ද විය. මේ අපූරු සොයා ගැනීමත් සමඟ බොඩ්මින් මෘගයා ගැන තව තවත් ප්‍රසිද්ධ වූ අතර ඒ ගැන කවුරු කවුරුත් උනන්දු වෙන්නත් ඒ ගැන විමසා බලන්නත් විය. 
සත්වයාගේ අපැහැදිලි ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප නිරන්තරයෙන් ප්‍රසිද්ධියට පත්වෙයි.

හිස්කබල පරීක්ෂා කෙරේ 

මේ හිස් කබල වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ලන්ඩන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබිණි. මේ හිස් කබල දිවියකුගේ බව සිදු කළ පරීක්ෂණවලින් ඔප්පු විණි. බොඩ්මින් මෘගයා ගැන ප්‍රචාරයක් ලබා දීමට කිසියම් පිරිසක් විසින් දිවියකුගේ හිස් කබලකට උල් දත් දෙකක් සවිකර ගංගාවට විසි කළ හිස් කබලක් බව පසුව හෙළිවිණි. 1996 දී හමු වූ හිස් කබල බොරුවක් වුනත් දැවැන්ත ව්‍යාඝ්‍රයෙක් තරම් විශාල තද කළු පැහැති බළල් විශේෂයකට අයත් සත්ත්වයෙක් වගුරු බිම් ආශ්‍රිත ව ජීවත් වෙයි. ප්‍රදේශයේ ජනතාව බියට පත් කරමින් තවමත් ඌ ගොවිපළ සතුන් ගොදුරු කර ගන්නා බව පැවැසෙයි.
බිහිසුණු මෘගයාගේ සිතුවමක්

ක්‍රිප්ටෝසූලොජි 

ක්‍රිප්ටෝසූලොජි Cryptozoology කියන්නේ ගුප්ත සත්ව විද්‍යාවය. ‘ක්‍රිප්ටෝ’ යන ඉංග්‍රීසි වදනෙහි සිංහල අදහස වන්නේ ගුප්ත හා සැඟවුණු වන්නයි. ‘සූලොජි’ යනු සත්ත්ව විද්‍යාවය. ඒ නිසා ක්‍රිප්ටෝසූලොජි යන වදනට ගුප්ත විද්‍යාව යැයි කියය. ගුප්ත සතුන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සත්ත්ව විද්‍යා න්‍යායයන්ට ගැළපෙන්නේ නැති විධියේ සතුන්ය. ගුප්ත සත්ත්ව විද්‍යා පර්යේෂණ හා ගවේෂණ කටයුතු සිදු කෙරෙන්නේ කාරණා දෙකක් පාදක කරගෙනයි. එවැනි එක් සත්ත්වයකු ගැන පොසිල සාක්ෂි අනුව යමින් වඳ වී ගියා යැයි සැලකෙන සතුන් තවමත් ජීවතුන් අතර සිටීදැයි සෙවීම සහ පිළිගත හැකි සාක්ෂි නොමැතිවීම නිසා සත්ත්ව වර්ගීකරණයන්ට වෙන් කර දැක්විය නොහැකි වූ නමුත් ජනකතා, පුරාවෘත්ත ආදියෙහි සඳහන් වෙන මිථ්‍යා සතුන් ජීවත්ව සිටිය හැකිදැයි සොයා බැලීම එම කාරණා දෙකය.

එක්ස්ප්ලෝරිංග් ද අන්එක්ස්ප්ලේඩ් 
මිස්ටරීස් ඇන්ඩ් මිත්ස් ඇසුරින්

Classified_Ad

Classified_Ad_News_Bottom