'දුම්රියේ යුවතිය' පර්නීති චොප්රා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

'දුම්රියේ යුවතිය' පර්නීති චොප්රා

බොලිවුඩ් සුරූපිනි පර්නීති චොප්රාගේ නවතම චිත්‍රපටය වන්නේ 'ගර්ල් ඔන් ද ට්‍රේන්' ය. 'ගර්ල් ඔන් ද ට්‍රේන්' ත්‍රාසය කුතුහලය පිරි චිත්‍රපටයකි.

'මම කැමැතියි විවිධාකාරයේ චරිත රඟපාන්න. මෙම චිත්‍රපටය හරහා මට ඒක කරන්න ලැබුණා. මට හිතෙනවා මා චරිත පහක් නිරූපණය කළ බව.' යැයි 32 හැවිරිදි පර්නීති පවසයි.
'බොලිවුඩ් නිළියෝ බොහෝ දෙනක්, එකම චරිතයට කොටු වෙනවා. තිරපිටපත් ලියද්දී, මේ නිළිය මේ චරිතයට හොඳයි අධ්‍යක්ෂවරයා තීරණය කරන්නේ ඇගේ කලින් චිත්‍රපටවල කළ චරිත නිරූපණ සන්සන්දනය කරමින්. එවිට චරිතාංග නිළියක් වීම ගැටලුවක් වෙනවා. මට මෙම චිත්‍රපටය හරහා සුවිශේෂී අවස්ථාවක් උදා වුණා' යැයි පර්නීති පැහැදිලි කරයි.
'ගර්ල් ඔන් ද ට්‍රේන්' චිත්‍රපටයේ පර්නීති චොප්රා නිරූපණය කරන්නේ මීරා කපූර්ගේ චරිතයයි. මෙම චිත්‍රපටය ත්‍රාසය කුතුහලය පිරිණු එකකි. 'ඉෂ්ක්සාදේ', 'හසී තෝ පසී', 'මේන් පෙයාර් බිංදු' වැනි ආදර කතාවල පෙම්වතිය ලෙස රංගනයෙන් එක් වුණු පර්නීති, 'ගර්ල් ඔන් ද ට්‍රේන්' චිත්‍රපටය හරහා වෙනස්ම විදියේ රංගනයක යෙදුණු බව රිබු ඩාස්ගුප්තා ද පවසා තිබේ. 
'ගර්ල් ඔන් ද ට්‍රේන්' චිත්‍රපටයට පාදක වන්නේ පෝලා හෝකිංස්ගේ ජනප්‍රිය නවකතාවය. මෙම නවකතාව මීට පෙර ද සිනමාවට නැගුණි. ඒ, හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස 2016 දීය. 
2016 හොලිවුඩ් චිත්‍රපටයේ පෝස්ටරය

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ එමලි බ්ලන්ට්ය. පර්නීති චොප්රාගේ 'ගර්ල් ඔන් ද ට්‍රේන්' චිත්‍රපටයට මේ මස 25 වැනිදා තිරගතවීමට නියමිතව තිබේ. 

කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් හරහා නැරැඹීමට හැකිවනු ඇත. 
මිනිත්තු 112 ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය ආදිතී රාඕ හයිදාරි, කීර්ති කුල්හාරි, අවිනාශ් තිවාරි ආදීහු රංගනයෙන් එක් වී සිටිති. 

හින්දුස්ථානී ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom