ඕස්ට්‍රේලියානුවන්ට එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 21, 2021

ඕස්ට්‍රේලියානුවන්ට එන්නත ලැබේ

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට ප්‍රතිශක්තිකරණ එන්නත් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීම ආරම්භ විය. ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නතය. 

එන්නත පළමුවෙන් ලබා ගත්තේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ය. අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගන්නා අයුරු සජීවීව එරට පුවත් නාළිකා ඔස්සේ විකාශය විය. 

තමන් පළමුවෙන් එන්නත ලබා ගත්තේ එය ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට යැයි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. 

අග්‍රාමාත්‍යවරයාට අමතරව, දෙවැනි ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් 84 හැවිරිදි කාන්තාවක වන ජේන් මැලිසියැක් ද එරට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන පෝල් කෙලී ද එන්නත ලබා ගත්හ. මොවුන් එන්නත ලබා ගැනීම කළේ සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදීය. 

ඒ.එෆ්.පී.

Classified_Ad