මලාලාට යළිත් මරණ තර්ජන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

මලාලාට යළිත් මරණ තර්ජන

නෙබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන මලාලා යූසොෆ්සායි ට යළිත් වරක් පාකිස්තානයේ ක්‍රියාත්මක ‘තරීක් ඊ තලෙබාන්’ ත්‍රස්ත කල්ලියෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ. 

මලාලාට මෙසේ මරණ තර්ජන එල්ල කර ඇත්තේ ද 2012 දී ඇගේ හිසට වෙඩි තැබූ තලේබාන් ත්‍රස්ත සාමාජිකයාය. ඉෂානුල්ලා ඉෂාන් නමැති මොහු ‘තරීක් ඊ තලෙබාන්’ සංවිධානයේ හිටපු ප්‍රකාශකයෙකි. 

මලාලාට වෙඩි තැබීමෙන් පසු පාකිස්තාන ආරක්ෂක අංශ ඉෂානුල්ලා ඉෂාන් අල්ලා ගත් අතර, ඔහුට සිරදඬුවම් නියම කෙරුණි. කෙසේ නමුත් පසුගිය 2020 දී අංශ ඉෂානුල්ලා ඉෂාන් බන්ධනාගාරයෙන් පලා ගියේය. 

ඉෂානුල්ලා ඉෂාන්, මලාලාට තර්ජනය කර ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩක් නිකුත් කරමිණි. ‘මීළඟ වතාවේ ඉලක්කය වරදින්නේ නැහැ’ යනුවෙන් එහි සඳහන් විය. 

ඉෂානුල්ලා ඉෂාන් කළ මරණ තර්ජනය සම්බන්ධයෙන්, මලාලා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් පමණක් නොව, පාකිස්තාන හමුදාපතිවරයාගෙන් පවා විමසීමක් කර ඇත. 

ඉෂානුල්ලා ඉෂාන් ට බන්ධනාගාරයෙන් පලා යෑමට ඉඩ දුන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ද මලාලා අගමැති ඉම්රාන්ගෙන් මෙන්ම, පාකිස්තාන හමුදාපතිවරයාගෙන් ද විමසා තිබේ. 

2020 වසරේ ඉෂානුල්ලා ඉෂාන් බන්ධනාගාරයෙන් පලා ගිය අවස්ථාවේදී, එය සිදුවූයේ පාකිස්තාන රජයේ සහ ආරක්ෂක අංශවල ‘දුර්වලකම’ නිසා යැයි පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්න විය. 

ඉෂානුල්ලා ඉෂාන්ගේ පලා යෑම අගමැති ඉම්රාන් ඛාන්ගේ රජයට අපකීර්තියක් ගෙනා සිදුවීමක් ලෙස ද සැලකෙයි. 2012 වසරේ දී, පාසල් දැරියක වූ මලාලා, පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවේය. ඒ, බාලිකා අධ්‍යාපනයට පාකිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය විරෝධය දැක්වූ බැවිනි. 

මලාලා ඇගේ පියාගේ ද සහාය ඇතිව, බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේ තලේබාන් සංවිධානය නිරන්තරයෙන් විවේචනය කරන්න වූවාය. මලාලාගේ පියා ගුරුවරයෙකි. 

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම, ‘තරීක් ඊ තලෙබාන්’ ත්‍රස්ත කල්ලියේ උදහසට ලක් විය.

‘තරීක් ඊ තලෙබාන්’ සාමාජික ඉෂානුල්ලා ඉෂාන්, මලාලාගේ පාසල් වෑන් රියට ගොඩ වී, ‘මලාලා කවුරුදැයි’ විමසමින්, ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබුවේය. 

 බරපතල ලෙස තුවාල ලැබූ මලාලා ලන්ඩන් නුවරට රැගෙනවිත් ප්‍රතිකාර ලබා දීම සිදුවූයේ එවකට බි්‍රතාන්‍යයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් කැමරන්ගේ මැදිහත්වීමෙනි. 

අද වනවිට මලාලා, ඇගේ මාපියන් සහ සොහොයුරා මහා බි්‍රතාන්‍යයේ පුරවැසිභාවය ලබා, එරට ජීවත් වෙති. මලාලා යූසොෆ්සායි ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබ සිටී. 23 හැවිරිදි වියෙහි පසුවන මලාලා යූසොෆ්සායිට කැනඩාවේ පුරවැසිභාවය ද හිමි වී තිබේ. 

එන්.ඩී.ටීවී

Classified_Ad

Classified_Ad_News_Bottom