ආනයන සීමා තවදුරටත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ආනයන සීමා තවදුරටත්

ගෙවුම් ශේෂයේ අවශ්‍යතාව සැපිරෙන තුරු මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ආනයන සීමා කිරීම ඉතා වැදගත් සහ සැලකිය යුතු තීන්දුවක් බවත් ඒ තුළින් කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත් දීර්ඝකාලීනව ඉතා වැදගත් ප්‍රතිපත්තියක් බවත් අධිපතිවරයා පෙන්වා දී ඇත.

මෑත කාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. 

 මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමට තරම් ගෙවුම් ශේෂය තවමත් හැඩ ගැසී නැති බවත් එබැවින් එම සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවත් අධිපතිවරයා කීය. 

 මෙවැනි ප්‍රතිපත්තිවලට ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලින් උදාහරණ ගත හැකි බවත් මෙලෙස ආනයන සීමා කිරීමෙන් රටේ අවශ්‍යතා රට තුළ ම නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය පරිසරය හැඩගැසෙන බවත් හෙතෙම කීය.  

එහිදි කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු කීවේය. 

දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට වත්මන් ආණ්ඩුව පසුගිය වසරේ දී පියවර ගත්තේ ය.

Classified_Ad

Classified_Ad_News_Bottom