ඉන්දියාවට බලපෑමක් නැහැ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ඉන්දියාවට බලපෑමක් නැහැ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් ඉන්දියාවට බලපෑමක් නොවන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත. 

ඉන්දියාවේ සී.එන්.එන්. නිවුස් 18 පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබේ. 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර අත්සන් තැබුණු ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම වෙනුවට එම පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගැනීමට කැබිනට් මණ්ඩලය ඉකුත් දා තීරණය කළේය. 

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ ද පවසා ඇත. 

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා ඉතා පුළුල්. එය එක් ව්‍යාපෘතියකට සීමා වෙන්නේ නැහැ. වෙළෙඳාම, ආයෝජනය, වාණිජ්‍යය, ආදී ව්‍යාපෘති රැසක් තිබෙනවා. අපගේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අවබෝධය, ඓතිහාසික බැඳීම්, දීර්ඝ කාලීන සංස්කෘතික සම්බන්ධතා වගේම ඉන්දීය සාගරය බෙදා ගැනීම ආදී සම්බන්ධතා රැසක් අප අතර තිබෙනවා. මේ වගේම ව්‍යාපෘතිවලදී අපේ බලධාරීන් චීනය සමඟ ඒකාබද්ධ සහයෝගීතාව ඇතිව වැඩ කරනවා. කොළඹ වරායේ ද ව්‍යාපෘති රැසක් චීනය සමඟ එක්ව සංවර්ධනය කර තිබෙනවා. මේ බොහෝ අවස්ථාවලදී වෘත්තීය සමිතිවලින් විවේචන එල්ල වෙනවා. වරායෙන් වරාය පෞද්ගලික අංශයට හෝ විදේශීය පාර්ශ්වකරුවන්ට ලබාදෙන විටත් මේ ප්‍රශ්නය ආවා. මේක පළමුවැනි වතාව නොවෙයි. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපෘතියට චීනය සම්බන්ධ වෙන අවස්ථාවේදීත් විශාල විරෝධයක් එල්ල වුණා. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කිරීමට යෝජනා වී තිබෙනවා. එය කොළඹ වරායේ තිබෙන විශාල පර්යන්තවලින් එකක්. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා ආරම්භ කර නැහැ. අපි ඉන්දියාව සමඟ බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ද ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා. ඕනෑම ව්‍යාපෘතියකදී අපි දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලනවා. මේ ව්‍යාපෘති කිසිවකින් සමුද්‍රීය ගමනාගමනයට බාධා එල්ල වෙන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට එල්ල වන චෝදනා සාමාන්‍ය අදහස් විතරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළා. එහි විමර්ශන තවමත් අවසන් නැහැ. ඒ නිසා මට ඒ ගැන කියන්න බැහැ.”

Classified_Ad

Classified_Ad_News_Bottom