ලැව්රෝව් - ජෝන් කෙරී දුරකතන සංවාදයක - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ලැව්රෝව් - ජෝන් කෙරී දුරකතන සංවාදයක

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ජෝන් කෙරී සමඟ දේශගුණික විපර්යාස සම්බන්ධ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු ද වන ජෝන් කෙරී, එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ පත් කරන සිටින විශේෂ නියෝජිතයා වේ. 

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ‘ආර්ක්ටික්’ කවුන්සිලයේදී ඉදිරියේදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් දෙදෙනා එකඟතාව පළ කර ඇත. රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. 

‘‘මෙම සංවාදයේදී පැරිස් දේශගුණික සම්මුතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා’’ යැයි ද එම නිවේදනයේ දැක්විණි.

දුරකතන ඇමතුමක් ලබාදෙමින් ජෝන් කෙරි සහ සර්ගේ ලැව්රොම් මෙම කරුණු සාකච්ඡා කර තිබේ. පැරිස් සම්මුතියට නැවත එක්වීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගෙන ඇති අප සාදරයෙන් පිළිගන්නේ යැයි ද ඇමෙරිකානු විදේශ අමාත්‍යවරයා මෙහිදි ජෝන් කෙරීට පවසා ඇත. 

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ දී ඇමෙරිකාවේ පැරිස් සම්මුතියෙන් ඉවත් කරගත්තේ ය. 

පරිසරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහයෝගීතාවයෙන් කටයුතු කිරීමත් ‘‘ආක්ටික්’’ කවුන්සිලයේදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙදෙනා මෙහිදි එකඟතාව පළ කර ඇත. 

‘‘ආක්ටික්’’ කවුන්සිලය යනු තිරසර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ඉහළ මට්ටමේ අන්තර්රාජ්‍ය සංවිධානයකි. 

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි අත්අඩංගුවට ගැනීමත් විපක්ෂ ක්‍රියාකාරීන් හඹා යෑමත් නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ රුසියාව අතර සබඳතා තරමක් අර්බුදකාරී තත්ත්වයකට පැමිණ තිබෙන මොහොතක ඔවුහු දෙදෙනා මෙලෙස දුරකතන සංවාදයක නිරත වූහ. 

ඇලෙක්සෙයි නවාල්නි කඩිනමින් නිදහස් කරන්නැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ මස මුලදී රුසියාවට අවධාරණය කළේය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom