එන්නත් ගොඩගහගන්න එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Feb 23, 2021

එන්නත් ගොඩගහගන්න එපා

sample-ad-complete-big
Tedros-Adhanom-Ghebreyesus-2021
ලෝකයේ ධනවත් රටවල් අනවශ්‍ය ලෙස 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ගොඩගසා ගන්නා බවත්, දිළිදු රටවලට එන්නත් ලබා ගැනීමට ඇති අවස්ථාව ඒ අනුව අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චෝදනා නගයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩෝස් ඇඩ්හොම් ගැබ්‍රියේස්සි මෙසේ කියා සිටියේ කොරෝනා මර්දන එන්නත් ලොව සෑම කෙනකුටම සමානව ලැබිය යුතු බව අවධාරණය කරමිණි. 

'තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයකට එන්නත් මිලදී ගන්න මුදල් තිබෙනවා. ඒත් එන්නත් නැහැ. ධනවත් රටවල් එන්නත් ගොඩගසාගෙන. ඒක අසාධාරණයි' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කළේය. 

රොයිටර්

Classified_Ad