ආර්ථිකයේ වර්ධනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ආර්ථිකයේ වර්ධනයක්

මෙම වසරේ දී මෙරට ආර්ථිකය සියයට 5.5ත් 6ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 

ඉකුත් වසරේ දී මෙරට ආර්ථිකය ඍණ 3.9 කින් වර්ධනය වූ බව ද මහ බැංකු අධිපතිවරයා කීය. මෑත කාලීන ආර්ථික ප්‍රවණතා දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල අවස්ථාවේදී මුළු රටටම බලපවත්වන පරිදි ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ බවත් එම නිසා ආර්ථික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වූ බවත් හෙතෙම කීය. 

මේ නිසා පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පහත වැටුණු බවත් එය මුළු වසරටම බලපෑ බවත් අධිපතිවරයා කීවේය. 

කෙසේ නමුත් දැනට ගෙන ඇති ප්‍රතිපත්ති මාර්ග ක්‍රියාමාර්ග, පළමු රැල්ලේදී මෙන් නොව දෙවැනි රැල්ලේ දී සීමා සහිත ලෙස ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත්, සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග, එන්නත්කරණ ක්‍රියාවලිය සහ ආණ්ඩුව හඳුන්වා දී තිබෙන ආර්ථික උත්තේජක ක්‍රියාමාර්ග යනාදිය හේතුවෙන් මේ වසරේ දී සියයට 5.5ත් සියයට 6ත් අතර ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි අධිපතිවරයා කීය. 

මේ අතර පසුගිය සති කිහිපයේදී මෙරට ආර්ථිකය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන බොහෝමයක් මතවාදී හෝ දේශපාලන පක්ෂපාතී ස්වරූපයක් ගත් බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය.

Classified_Ad

Classified_Ad_News_Bottom