කීරා - වරුන් සුසංයෝගය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

කීරා - වරුන් සුසංයෝගය

සුරූපිනී කීරා අද්වානී මෙන්ම පසුගිය දා යුගදිවියට පත් වරුන් ධවාන් ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළකි. මෙතෙක් මොවුන් දෙදෙනා එකට පෙම්වතුන් ලෙස බොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ වී නොතිබුණි. 

ඒත් දැන් බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට සුබ ආරංචියක් අසන්න ලැබෙයි. 
බොලිවුඩ් පුවත් සේවා වාර්තා කරන අන්දමට, 'ගුඩ් නිවුස්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාජ් මෙත්තාගේ අලුත්ම සිනමා චිත්‍රපටය වන 'ජග් ජග් ජියෝ' හි ප්‍රධාන චරිත නිරූපණයට එක් වනු ඇත්තේ කීරා සහ වරුන් ය. 

'ගුඩ් නිවුස්' චිත්‍රපටයට ද කීරා අද්වානී රංගනයෙන් දායක වූවාය. ඒ, ආක්ෂේ කුමාර්, කරීනා කපූර් සහ දිල්ජිත් දෝෂාංජ් සමඟය. 

'ජග් ජග් ජියෝ' සඳහා රාජ් මෙත්තා කීරා තෝරා ගෙන ඇත්තේ ඒ අනුව යැයි ද පැවැසෙයි. 

'ගුඩ් නිවුස්' සේම 'ජග් ජග් ජියෝ' ද ප්‍රහසන චිත්‍රපටයකි. එය පවුලේ කතාවකි. විවාහ වූ තරුණ යුවලක් සහ විවාහ වී ජීවිත අත්දැකීම්වලට මුහුණ දුන් මැදි වියේ යුවලක් වටා ගෙතුණු කතාවක් 'ජග් ජග් ජියෝ' චිත්‍රපටයට පාදක වෙයි. 

'ජග් ජග් ජියෝ' චිත්‍රපටයට ප්‍රවීණ නළු අනිල් කපූර් ද එක් වී සිටී

කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රමාද වුවත්, 'ජග් ජග් ජියෝ' චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට යළි ආරම්භ වී ඇත.


චිත්‍රපටයක පෙම් යුවළ ලෙස කීරා සහ වරුන් මීට පෙර එකට රංගනයේ නොයෙදුණත්, මොවුහු දෙදෙනා 2019 දී තිරගත වුණු 'කල්නක්' චිත්‍රපටයේ ගීතයකට නර්තනයෙන් එක් වූහ.

 බොලිවුඩ් ලයිෆ් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom