'බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ්' නව පරිගණක මෙහෙයුම් පද්ධතියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 24, 2021

'බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ්' නව පරිගණක මෙහෙයුම් පද්ධතියක්

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් ගාල්ල ශාඛාවේ නව පරිගණක මෙහෙයුම් පද්ධතිය ඉකුත් දා ආරම්භ කෙරුණි. 

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයසිය නව කොටස්කරුවන් සඳහා සුහද හමුවක් ගාල්ල ලයිට් හවුස් හෝටල් පරිශ්‍රයේ දී ඉකුත් දා (13) පැවැත්වූ අතර එහිදී මෙම නව පරිගණක පද්ධතිය ආරම්භ කරන ලදී. 

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, මොහාන්ප්‍රියදර්ශන ද සිල්වාසහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු යන මහත්වරු මෙම උත්සවයේ ප්‍රාධාන ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වූහ. 

දකුණු පළාතේ ආර්ථික තත්ත්වය නංවාලීමට අගනුවරින් පිටත බිහි වූ මෙවැනි ආයතන මගින් රටපුරා කුඩා ව්‍යවසායකයන්ගේ ප්‍රාග්ධනය ඉහළ නංවා රටේ ආර්ථිකය සමබර කිරීමට මහඟු පිටිවහලක් සිදු කරන බව උත්සව සභාව ඇමතූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. 

කුඩා ව්‍යවසායකයන්ට අත දෙමින්ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නංවාලීමට ආයතනය දරන උත්සහායද මෙහිදි අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. දැනට රුපියල ස්ථාවර මට්ටමකින් පවත්වා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කර මෙවැනි නැගී එන මූල්‍ය ව්‍යාපාරහරහා රටේ ආර්ථික දිශානතිය නව මගකට යොමු කිරීමට කටයුතු කරන බව මෙහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කීය.

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය දකුණු පළාතෙන් බිහිවූ ඉතා කීර්තිමත් ආයතනයක් ලෙස පෙන්වාදිය හැකි බව ද හෙතෙම කීය. 

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,000 ක ප්‍රාග්ධන සම්පූර්ණ කිරීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත කිරීමට නියමිත බවත් එය මේ වසරේ අප්‍රේල් මාසය තුළදී සිදු කිරීමට නියමිත බවත් මෙහිදි අදහස් දැක්වූ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කේ.ජී. ලීලානන්ද මහතා පැවැසීය. 

 එහි සම්පූර්ණ අධීක්ෂණය සහ ක්‍රියාකාරීත්වය එන්.ඩී.බී.අයි.බී. ජාතික සංවර්ධන බැංකුවේ ආයෝජන බැංකුව හා ප්‍රවීණ නීති ආයතනයක් වන ද සේරම් නීති උපදේශක ආයතනය මඟින් සිදු කරන බවත් මේ තුළින් කොටස් හිමියන්ගේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීමටත් වඩා විනිවිදභාවයකින් යුතු මූල්‍ය වාර්තාකරණය සහ ගනුදෙනුකරුවන්ගේ චින්තනට ඉහළ නැංවීමටත් අවස්ථාව උදාවන බව ඔහු කීය. 

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සභාපති මහාචාර්ය අබේරත්න බණ්ඩාර සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස්හි සභාපති බන්දුල නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom