දූත පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 24, 2021

දූත පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්

මෙරට දෙදින නිල සංචාරයක නිරත වූ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අරලිය ගහ මන්දිරයේ ඊයේ (23) පස්වරුවේ භෝජන සංග්‍රහයක් පැවැත්විණි. 

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යන මහත්වරුන් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, , අධිකරණ අමාත්‍ය අලි සබ්රි, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි ඇතුළු එරට දූත කණ්ඩායම ඇතුළු පිරිසක් මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ.

Classified_Ad