සෞදි ක්‍රියාකාරිනිය නිදහස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Feb 11, 2021

සෞදි ක්‍රියාකාරිනිය නිදහස්

sample-ad-complete-big
Loujain-al-Hathloul
පස් වසරක සිර දඬුවම් නියම වූ, සෞදි මානව ක්‍රියාකාරිනියක වන 31 හැවිරිදි ලොජේන් අල් හත්ලෝල් නිදහස් කිරීමට සෞදි රජය තීරණය කළේය. 

සෞදි කාන්තාවන්ට රථ වාහන පැදවීමේ අයිතිය ඉල්ලා දුන් එරට ප්‍රබල මානව ක්‍රියාකාරිනියක ලෙස ලොජේන් අල් හත්ලෝල් සැලකෙයි. සෞදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බැවින් ලොජේන් අල් හත්ලෝල් සෞදි රජයේ උදහසට ලක් වූවාය.

සෞදි පොලිසිය, ලොජේන් අල් හත්ලෝල් අත්අඩංගුවට ගත්තේ 2018 දීය. ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වුණු බවත් චෝදනා එල්ල කරමින්ය. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය මීට මාස කීපයකට පෙර පැවැත්වුණු අතර එහිදී ලොජේන් අල් හත්ලෝල් වරදකාරිය වූවාය. 

හත්ලෝල්ට සෞදි අධිකරණයක් වසර 5 ක් සහ මාස 8 ක සිර දඬුවමක් නියම වූයේ ඒ අනුවය. වරදකාරිය වෙද්දී, ලොජේන් අල් හත්ලෝල් වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරදඬුවම් ලැබ සිටියාය.

ලොජේන් අල් හත්ලෝල් නිදහස හිමිවූයේ සෞදිය බරපතල ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකාවෙන් දිගින් දිගටම චෝදනා එල්ල වීම නිසා යැයි ද පැවැසෙයි. 

එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් ලොජේන් අල් හත්ලෝල් වහා නිදහස් කරන ලෙස ලොව පුරා මානව හිමිකම් සංවිධාන විසින් සෞදි රජයට බල කරනු ලැබුණි. නිදහස ලබා දුන් හත්ලෝල්ට රටින් පිටවීම තහනම් කර තිබේ. 

ඇය යළි ඇගේ නිවස බලා ගොස් ඇත්තේ දින 1001 ක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව යැයි සෞදි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අල් ජසීරා

Classified_Ad