චීනයේ රොබෝ යානයත් අඟහරු යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

චීනයේ රොබෝ යානයත් අඟහරු යයි

අඟහරු ගවේෂණයට චීනය යැවූ ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය ඊයේ (10) අඟහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. 

‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරු කක්ෂයට පිවිසියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ‘අමල්’ නමැති රොබෝ යානය අඟහරුගේ කක්ෂයට ඇතුළු වී දිනකට පසුවය. 

‘අමල්’ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූයේ පෙරේදා එනම් 9 වැනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත යැවූ පළමු යානය ‘අමල්’ ය. 

මෙම යානය කක්ෂීය යානයක් වන අතර මෙය අඟහරුගේ කක්ෂයේ රැදී සිටිමින් දත්ත රැස් කරයි. චීනයේ අභශවකාශ මෙහෙයුම් සිදුවන්නේ ‘චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය’ යටතේය.

‘ටියැංවෙන් 1’ යානයේ මෙහෙයවීම් සිදු කරන්නේ චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරියේ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ය. ‘ටියැංවෙන් 1’ පෘථිවියෙන් පිටත් වී ගියේ, පසුගිය ජූලි 23 වැනිදා ය. 

පසුගිය 2020 ජූලි මාසයේ අඟහරු ග්‍රහයා පෘථිවියට ළංව පිහිටියේය. රටවල් 3 ක් අඟහරු වෙත ගවේෂණ යානා යැවීම කළේ එහි වාසිය ලබා ගෙනය. එම රටවල් තුන චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඇමෙරිකාවය. ඇමෙරිකාව යැවූ ගවේෂණ යානය අඟහරුට ළං වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනිදාය. 

‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය, යානා 3 ක එකමුතුවකි. සම්පූර්ණ යානයේ උස මීටර් 1.85 කි. බර කිලෝ ග්‍රෑම් 240 කි. ඊයේ (10) අඟහරුගේ කක්ෂයට පිවිසියේ ‘ටියැංවෙන් 1’ කක්ෂීය යානයයි. මෙය මවු යානයක් ලෙස ක්‍රියා කරයි. දෙවැනි යානය අඟහරු මතට පතිත කර, පස් සාම්පල සහ දත්ත රැස් කරන යානයකි. මෙවැනි යානා හැඳින්වෙන්නේ ‘පතිත කරවන යානා’ යනුවෙනි. 

මෙම පතිත කරවන යානය ඉදිරියේ දී අඟහරු මතට පතිත කරනු ඇත්තේ පැරෂූට් ආධාරයෙනි. යානය ඉදිරි දින කීපය ඇතුළත දී මව් යානයෙන් වෙන් වී අඟහරු පෘෂ්ඨය බලා යනු ඇත. පතිත කරවන යානය තුළ තවත් කුඩා යානයක් ඇත. මෙය රෝවර් යානයකි. 

රෝවර් යනු රෝදවලින් සමන්විත කුඩා යානා ය. මේවා එහෙ මෙහෙ යමින් ගවේෂණයේ යෙදෙයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන ‘ටියැංවෙන් 1’ යානා තුනම අඟහරුගේ මාස 3 ක් (පෘථිවි දින 92 ක්) ගවේෂණ කටයුතුවල නියැලෙනු ඇති බව චීනය පවසයි. 

චීනය, මෙම ගවේෂණ යානා පද්ධතිය ‘ටියැංවෙන්’ යනුවෙන් නම් කර ඇත්තේ පුරාණ කාව්‍යයක් මුල්කොට ගනිමිනි. මෙම කාව්‍යය රචනා කර ඇත්තේ මීට වසර 2,000 කට පෙර, චීන සාහිත්‍යවේදියකු මෙන්ම දේශපාලනඥයකු ද වන කූ යූවාන් ය. 

මොහු ජීවත් වූයේ ක්‍රි.පූ. 770-223 තෙක් කාලයේ ය. 

පුදුමය නම්, වසර 2,000 කට පෙර, කූ යූවාන් රචනා කළ ‘ටියැංවෙන් 1’ කාව්‍යයෙන් කියැවෙන්නේ ග්‍රහලෝක ගවේෂණ ගැනය. 

‘ටියැංවෙන් 1’ යානා ත්‍රිත්වයේ අරමුණ වී ඇත්තේ, අඟහරුගේ ඡායාරූප ගැනීමටත්, කාලගුණය සහ චුම්බක ක්ෂේත්‍ර අධ්‍යයන කිරීමටත් නියමිතය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom