හමුදා ලොක්කන්ට ඇමෙරිකාවෙන් සම්බාධක - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

හමුදා ලොක්කන්ට ඇමෙරිකාවෙන් සම්බාධක

ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී 

මියන්මාර හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය. 

මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, බයිඩන් පසුගිය දින කීපය පුරා හමුදා ප්‍රධානීන්ට අනතුරු අඟවන්න වූයේ, අත්අඩංගුවේ පසුවන නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන් වහා නිදහස් නොකරන්නේ නම්, දැඩි ලෙස සම්බාධක පැනවීමක් සිදු කිරීමට තම පරිපාලනය පසුබට නොවන බවටය. 

කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තර්ජන සම්බන්ධයෙන් මියන්මාර හමුදා පාලකයෝ කිසිදු තැකීමක් නොකළහ. සම්බාධක පැනැවීම ඒ අනුව සිදු කළ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී පවසා තිබේ. 

මේ අතර නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ පක්ෂ මූලස්ථානයට කඩා වැදී හමුදාව එල්ල කළ ප්‍රහාරය, තමන් තරයේ හෙළා දකින බව ඇමෙරිකාව පවසා ඇත. 

ඇමෙරිකාව මියන්මාර හමුදා පාලකයන්ට යළි අනතුරු ඇඟවීමක් කර ඇත්තේ මියන්මාර නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීග නායකයන් නිදහස් නොකරන්නේ නම්, මියන්මාරයට එරෙහිව යළි සම්බාධක පැනැවීමට කටයුතු කරන බවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom