ප්‍රංශයේ උද්ඝෝෂණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 19, 2021

ප්‍රංශයේ උද්ඝෝෂණයක්

කොටි චෝදනා පරදවමු! 
වීරෝධාර රණවිරුවන් රැකගමු! 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසි වාරය පෙබරවාරී 22 සිට මාර්තු මස 23 වෙනිදාා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වීමට නියමිතය. 

එහිදී 30 වසරක යුද්ධය නිමා කොට ලක් පොළොවට නිදහස ලබා දීමට ඉදිරි පෙලේ සටන් වැදුනු ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට විරුද්ධව අසත්‍ය චෝදනා රැසක් ඉදිරිපත් කිරීමට විදේශීය කොටි හිතවාදී සංවිධාන කටයුතු කර ඇත්තේය. 

එබැවින් 'කොටි හිතවාදීන්ගේ අසත්‍ය චෝදනා පැරදවීමට එක්ව පෙල ගැසෙමු, ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාාව රැකගමු.' යන තේමාවන් ප්‍රධාන කොට ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන් විසින් පෙරේදා (17) සවස 2 සිට 4 දක්වා අගනුවර පැරීසියේ පිහිටි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයට නුදුරින් බ්‍රිතාන්‍ය සංස්කෘතික මධ්‍යස්ථානය අසල ඉන්වැලීඩ් චතුරස්‍රයේදී විශාල උද්ඝෝෂණයක් පවත්වන ලදී. 

කොරෝනා වසංගතය හේතු කොට මේ දිනවල ප්‍රංශයේ පවතින දැඩි සෞඛ්‍යය නීතිරීති වලට අනුකූලව පවත්වන ලද ඉහත උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් එක්ව සිටියහ.

සුනිල් ආනන්ද 
පැරීසියේ සිට

Classified_Ad

Classified_Ad_News_Bottom