දකුණු අප්‍රිකා-බ්‍රසීල ප්‍රභේද ඉන්දියාවෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 19, 2021

දකුණු අප්‍රිකා-බ්‍රසීල ප්‍රභේද ඉන්දියාවෙන්

මහා බ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේදයට අමතරව, දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් පළමු වරට හඳුනා ගත් ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද ද මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 

බ්‍රසීලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් හමුවුණු වයිරස ප්‍රභේදය මෙන් නොව, දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් විකෘතිය සියයට 70 කින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතට පවා ඔරොත්තු නොදෙන බවත් පැවැසෙයි.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ යනු ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නතය. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් සිවු දෙනකුත්, බ්‍රසීලයෙන් හමුවුණු නව ප්‍රභේදය ආසාදනය වූ එක් ආසාදිතයකුත් හමුවී ඇති බවය.

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom