පෝළිමට පිටින් එන්නත් අරන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 17, 2021

පෝළිමට පිටින් එන්නත් අරන්

සෞඛ්‍ය සේවකයන්ට පෙර, එන්නත ලබා ගත් පේරු රටේ විදේශ ඇමැති, සෞඛ්‍ය ඇමැති සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

මොවුන් තිදෙනාට ඉල්ලා අස්වීමට සිදුවී ඇත්තේ, සෞඛ්‍ය සේවකයන්ගෙන් සහ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බැවිනි. පේරු යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. 

පේරු රාජ්‍යය කොවිඞ් වසංගතයෙන් දරුණු ලෙස බැටකමින් සිටී. 

පේරු විදේශ ඇමැති, සෞඛ්‍ය ඇමැති සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ඇතුළු රාජ්‍ය නිලධාරීන් 500 දෙනකු ද රහසේ එන්නත් ලබාගත බව අනාවරණය කළේ පේරු මාධ්‍ය ආයතනය. 

විදේශ ඇමැතිනී එලිසබත් ඇස්ටේට්ගේත්, සෞඛ්‍ය ඇමැති පීටර් මසේටිගේත්, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ලූවී සුවාරේස්ගේත් ඉල්ලා අස්වීම තමන් බාරගත් බව පේරු ජනාධිපති ෆ්රැන්සිස්කෝ සගාස්ටිගේ මාධ්‍ය පවසා ඇත.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom