විකෘති මර්දනයට කඩිනමින් එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

විකෘති මර්දනයට කඩිනමින් එන්නතක්

‘කොවිඩ් 19’ වයිරසයේ ඕනෑම විකෘති ප්‍රභේදයක් අඩපණ කළ හැකි ප්‍රකිශක්තිකරණ එන්නතක් මෙම 2021 වසර අවසන් වෙද්දී නිපදවන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම පවසා තිබේ. 

‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද අඩපණ කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති හෙයින්, විකෘති ප්‍රභේද ඉලක්ක කර ගනිමින්, නිපදවා ඇති එන්නත වැඩි දියුණු කරන බව ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යෙහ්ෂකයන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

මේ අතර ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක්වී නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතට මෙසේ අනුමැතිය ලබා දුන්නේ, එම එන්නත සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් එහෙත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමඟ එක් වී, ලොව දිළිඳු රටවලට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, ඒ සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත සුදුසු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දී ඇත. 

ඉන්දියාවේ පූනේ නුවර පිහිටි ’සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම මහා පරිමාණයෙන් ප්‍රතිනිෂ්පාදනය කරන්නේ ද මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතය. ඒ, ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. 

ඉන්දිය රජය, ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලටත්, අප්‍රිකා සහ මැදපෙරදිග රටවලටත් ප්‍රදානය කර ඇත්තේ එම එන්නතය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom