ජාතික ස්කොෂ් ශුරතාවලිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Feb 4, 2021

ජාතික ස්කොෂ් ශුරතාවලිය

sample-ad-complete-big
2021-01-04
40 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේදී රවිඳු ලක්සිරි විවෘත පිරිමි ශුරතාව දිනාගත්තේය. මෙම තරගාවලියේ විවෘත කාන්තා ශුරතාව දිනාගැනීමට ෆතූම් ඉසඩීන්ද සමත් වූවාය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීති රීති යටතේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ. තරගාවලිය සංවිධානය ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය මගිනි.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි ජාතික ශූරතාව දිනාගතතේය. රවිඳු ලක්සිරි පිටපිට ජාතික ස්කොෂ් ශූරයා බවට පත් වූ 8 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ෆතූම් ඉසඩීන් මෙවර ජාතික ශූරතාව දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස චනිත්මා සිනාලි පරාජය කරමිනි. ඉසඩීන් පිට පිටම ජාතික ස්කොෂ් ශූරිය බවට පත්වූයේ දෙවැනි වරටය.

කොරොනා වසංගතය මැද පැවැත් වුණු  පැවැති පළමු ස්කොෂ් තරගාවලිය මෙය වන අතර එහි ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගි විය.

Classified_Ad