අසාධාරණකම් පැමිණිලි කරන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2021

අසාධාරණකම් පැමිණිලි කරන්න

ජාත්‍යන්තර පාසල් වල අසාධාරණ අයකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශය වෙත හෝ තමන් වෙත යොමු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා channelnewslanka.com වෙබ් අඩවියට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාසල් කීපයක් සම්බන්ධයෙන් තමන්ටද අසන්නට ලැබුණු බවත් මේවා පැමිණිලි ලෙස ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

ලයිසියම් ජාත්‍යන්තර පාසල (LYCEUM INTERNATIONAL) නොපැවැත්වෙන කාලයටද , ඔන්ලයින් පන්ති පැවැත්වෙන කාලයටද සම්පුර්ණ ගාස්තුවම අය කිරීම නිසා එම ගාස්තු ගෙවා ගත නොහැකිව දෙමාපියෝ විශාල පිරිසක් අසරණව සිටීම සම්බන්ධව අප කල විමසීමේදී අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැවසීය. 

විශේෂයෙන්ම බොහෝ සමාගම් තම සේවකයන්ගේ වැටුප් හා දීමනා අඩු කර ඇති නිසා දෙමාපියන් රැසකට අදාල පාසල් ගාස්තු ගෙවීම විශාල ගැටළුවක් වී තිබේ. එසේම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවර ගුරුවරියන්ටද පාසල මගින් ඔන්ලයින් පන්ති සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක හෝ ජංගම දුරකථන හෝ ඉන්ටර්නෙට් ඩේටා හෝ ලබා දී නැත. 

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහය පාසල් ගාස්තු ප්‍රමාද වීමේදී එසේ ගෙවීම් ප්‍රමාද කරන දරුවන් ගෙන් 10%, 20%, 30%, 50% ආදී වශයෙන් ප්‍රමාද ගාස්තු අය කිරීම නිසා දෙමාපියෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කොරෝනා වසංගතය නිසා දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින දෙමාපියන්ගෙන්ද මෙසේ ප්‍රමාද ගාස්තු අයකර තිබේ. 

මීට අමතරව තවත් ජාත්‍යන්තර පාසල් කීපයක්ද මේ ආකාරයට අසාධාරණ අයකිරීම් සිදු කරන බවට මේ වන විට චෝදනා පවතින අතර අධ්‍යාපන අමාත්‍යංශය මේ ආකාරයට මේ ප්‍රශ්නයට මැදිහත්වීම දෙමාපියන්ට විශාල සහනයකි. 

channel news lanka.com 
වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Classified_Ad

Classified_Ad_News_Bottom