සනී ලියොන්ට විශේෂ උපන් දින දෙකක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

සනී ලියොන්ට විශේෂ උපන් දින දෙකක්

සනී ලියොන් මේ දිනවල සිටින්නේ කේරළයේය. ඒ ඇය MTV Splitzvilla වැඩසටහන මෙහෙයවන නිවේදිකාවක බැවිනි. කොතරම් රාජකාරි බහුල වුණත්, ඇය ඇගේ පුංචි පුතුන් දෙදෙනාගේ උපන් දිනය අමතක නොකළාය.

MTV Splitzvilla යනු එක්තරා ආකාරයක රියැටලි වැඩසටහනක් වන අතර ඉන්දීය තරුණ තරුණියන්ට එකිනෙකා හඳුනා ගැනීමට, බාධක සහ අභියෝග ජය ගැනීමට ඉඩ සලසා දෙයි. සනී ලියොන් වැඩසටහන මෙහෙයවන්නේ රාන්විජේ සිංහා සමඟ‍ය. 

සනීගේ සැමියා ඩැනියෙල් වෙබර්, පුතුන් දෙදෙනා වන නෝවා සහ ඈෂර් මෙන්ම දියණිය නීෂාද කේරළයට පැමිණ සිටින අතර, උපන් දිනය දා සනී පවුලේ සාමාජිකයන් සමඟ ගත කළාය. ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද ඇය අමතක නොකළාය. 
සනී ලියොන් සහ ඩැනියෙල් වෙබර් යුවල නීෂා දරුකමට හදා ගැනීමට ඉදිරිපත් වූයේ 2017 දීය. නෝවා සහ ඇෂර් දෙදෙනා යුවලට ලැබුණේ මීට අවුරුදු 3 කට පෙර එනම් 2018 දීය. 
'මට ආඩම්බර වෙන්න හොඳ හේතු දෙකක් තියෙනවා. ඒ හේතු දෙක තමයි නෝවා සහ ඈෂර්. දෙන්නා එක වගේ වුණත් වෙනස්. හරිම දඟයි. හුරතල්. ඒ වගේමයි හරිම බුද්ධිමත්. අවුරුදු 3 ක් ගතවුණා හිතා ගන්නවත් බෑ. මගේ පුතුන් දෙදෙනාට සුබම සුබ උපන් දිනයක්' යැයි ආඩම්බරකාර මවක් විදියට සනී සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද පළ කර තිබේ. 

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom