ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 23, 2021

ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි සිදුවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ද ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

වෙඩි තැබීම සිදුවූයේ බෝල්ඩර් නගරයේ ‘කිංග් සූපර්ස්’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළය. ඒ, ඇමෙරිකාවේ වේලාවෙන් සවස 3 ට පමණය. 

වෙඩි තැබීම කළ තැනැත්ත කොටු කර අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. වෙඩික්කරු වෙඩි තැබීම් කර ඇත්තේ එම දසුන් රූගත කරමින්, සජීවීව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරන ගමන්ය. 

එය හිතාමතා කළ කුරිරු ඝාතනයක් බවත්, ත්‍රස්ත ප්‍රහාරයක් බව බෝල්ඩර් පොලිස් ප්‍රධානී මැරිස් හෙරොල්ඩ් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

වෙඩි ප්‍රහාරයෙන් මියගියේ 51 හැවිරිදි එරික් ටැලී නමැති පොලිස් නිලධාරියා බව ද පොලිස් ප්‍රධානී මැරිස් හෙරොල්ඩ් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

වෙඩික්කරු වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී ඉවක් බවක් නැතිව වෙඩි තබද්දී,  ටැලී වෙඩික්කරු යටත් කර ගැනීමට උත්සාහ කළ බවත්, ටැලී වීරයකු බවත් පොලිස් ප්‍රධානී මැරිස් හෙරොල්ඩ් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

අවසානයේ වෙඩික්කරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි. 

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩික්කරුගේ අනන්‍යතාව හෝ මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත. සති දෙකක් ඇතුළත ඇමෙරිකාවේ සිදුවුණු දෙවැනි වෙඩි තැබීමේ සිදුවීම මෙයයි. 

 පසුගිය දා ජෝර්ජියා ඇට්ලැන්ටා නුවර සම්බාහන මධ්‍යස්ථාන 3 ක සිදුවුණු වෙඩි තැබීම්වලින් ආසියානු ඇමෙරිකන් කාන්තාවෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එය ඇමෙරිකාවේ ආසියානුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ කුරිරු ප්‍රහාරයක් යැයි පැවැසෙයි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom