ඉරානයත් චීනයත් සහයෝගීතා ගිවිසුමකට අත්සන් කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

ඉරානයත් චීනයත් සහයෝගීතා ගිවිසුමකට අත්සන් කරයි

ඉන්දියාවත් චීනයත් වසර 25 ක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීය. චීනය ඉරානය සමඟ මෙම ගිවිසුමට අත්සන් කළේ ඔවුන්ගේ ඩොරල් ට්‍රිලියන ගණනක එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහන තවත් පුළුල් කරමිණි. 

ඉරානයත් චීනයත් අතර මෙම සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය පස් අවුරුද්ද පුරා සාකච්ඡා පැවැත්වුණු අතර අවසානයේ දෙරටට වාසි වන අයුරින් ගිවිසුම ඇති කරගත් බව ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ. 

ගිවිසුමට අත්සන් කිරීම සිදුවූයේ ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ චීන විදේශ ඇමැති වොංග් ග් යී හමුවීමෙනි. වොංග් යී මේ වනවිට සිටින්නේ ඉරානයේ තෙහෙරාන් අගනුවරය. 

ඉරානයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරු වන්නේ චීනයයි. කෙසේ නමුත් ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් චීනයත් ඉරානයත් අතර වෙළෙඳ කටයුතුවලට බාධා එල්ල විය. 

ට්‍රම්ප් පරිපාලනය යටතේ පැනැවූ එම සම්බාධක ඉවත් කර ගැනීමට ඉරානය උනන්දුවක් දක්වයි. සහයෝගීතා ගිවිසුම මගින් ඉරානය සහ චීනය අතර පවතින රාජ්‍ය තන්ත්‍රික සබඳතා තව තවත් ශක්තිමත් වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 

(අල් ජසීරා)

Classified_Ad

Classified_Ad_News_Bottom