ප්‍රංශයේ සංචරණ සීමා දැඩිවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 18, 2021

ප්‍රංශයේ සංචරණ සීමා දැඩිවෙයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැරිස් අගනුවර සහ ඒ ආසන්න කලාපවලට දැඩි සීමා පැනවීමට තීරණය කර ඇතැයි ප්‍රංශයේ කැබිනට් ප්‍රකාශක ගාබ්‍රියෙල් අතාල් ඊයේ (17) කැබිනට් හමුවෙන් පසුව පැවැසීය. 

ප්‍රංශයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් එරට රෝහල් පද්ධතිය කඩාවැටීමේ අවදානමකට ලක්වීමත් යන කරුණු මුල් කරගනිමින් ප්‍රංශ බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ. 

මේ වනවිට ප්‍රංශයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ද ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇත. 

මේ වනවිට ප්‍රංශයෙන් පුද්ගලයන් 100,000කට වයිරස ආසාදිතයන් 400කට වඩා වැඩියෙන් වාර්තා වෙමින් තිබෙන බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.  

නව සීමා සමඟ පැරිස් අගනගරය යම් ආකාරයක කොටුවීමකට/සීමාවීමකට ලක්වනු ඇතැයි ද මෙහිදි අදහස් දැක්වූ ගාබ්‍රියෙල් අතාල් පැවැසීය. ප්‍රංශය මේ වනවිටත් සති අන්තයට ලොක්ඩවුන් සීමා පනවා ඇති අතර රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom