ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 18, 2021

ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් හමුවෙලා

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවැත්විණි. 
“දිදුලන ශ්‍රී ලංකාවක් - ශ්‍රී ලංකාවේ ආයෝජන මාවත (“SHINE LANKA – Path to Investment Sri Lanka”) ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට ලක්විය. ප්‍රධාන විධායක නිලධාරීන් 60 දෙනකු, ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. 

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉන්දියාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධ සඟරාවක් සහ තවත් පත්‍රිකා කිහිපයක්ද නිර්මාණය කර ඇත. 

ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සභාපති උමේෂ් ගෞතම් මහතා මෙහිදි එම සඟරාවේ පිටපතක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගැන්වීය.

Classified_Ad

Classified_Ad_News_Bottom