Covaxin හදිසි භාවිතයට සුදුසුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 18, 2021

Covaxin හදිසි භාවිතයට සුදුසුයි

ඉන්දියාවේ, ස්වදේශීය නිෂ්පාදනයක් වන ‘කොවැක්සීන්’ එන්නත සඳහා හදිසි භාවිතය සඳහා අවසරය ලබාදුන් බව එරට රජය ප්‍රකාශ කරයි. 

‘කොවැක්සීන්’ එන්නත නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම වන අතර එම එන්නතට සේරම් ආයතනයේ ‘කොවිෂීල්ඩ්’ එන්නතට මෙන් අවසරය ලබාදුන් බව ඉන්දීය රජයේ එන්.අයි.ටී.අයි. අයෝග් ආයතනයේ සෞඛ්‍ය පිළිබඳ නියෝජිත ආචාර්ය වී.කේ. පෝල් පැවැසීය. 

සේරම් ආයතනය ‘කොවිෂීල්ඩ්’ යනුවෙන් නිෂ්පාදනය කරන්නේ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව නිෂ්පාදනය කරන ලද එන්නත යි. එසේ වුවත් භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කරන ‘කොවැක්සීන්’ කොවිඩ්-19 එන්නත යනු ඉන්දියාවේ ම නිෂ්පාදනයකි. 

‘‘දැන් මෙම එන්නත් දෙකටම එකම අවසරය ලැබී තිබෙනවා’’ යැයි ආචාර්ය පෝල් පැවැසීය. 

මීට පෙර ‘කොවැක්සීන්’ කොවිඩ්-19 එන්නත ලබාදුන්න ද එය ලබා දී ඇත්තේ සායනික මට්ටමේ පරීක්ෂාව යටතේ ය. එම එන්නත මේ වනවිට ලක්ෂ 19කට ලබා දී ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

ඉන්දියාවේ ඖෂධ නියාමින අධිකාරිය ඉකුත් ජනවාරි මස 3 වැනිදා මෙම එන්නත ට අවසර දුන්න ද එය ලබාදුන්නේ ද සායනික මට්ටමේ සීමිත අවසරය යටතේ ය. 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom