ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හදිසි ආධාර ඉල්ලලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හදිසි ආධාර ඉල්ලලා

කොරෝනා වසංගතයට එරෙහි සටනේදී, හදිසි මූල්‍ය ආධාර ඉල්ලා ශ්‍රී ලංකා බලධාරීන් තමන්ගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 

වීඩියෝ පණිවුඩ ඇසුරින් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගැරී රයිස් ය. 

ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ඇති ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථාවරය කුමක්දැයි යන ප්රතශ්නය එම මාධ්‍ය හමුවේදී එහිදී මතුවුණු අතර, ගෙරී රයිස් ඊට පිළිතුරු දුන්නේ මෙසේය. 

"සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙම වැඩසටහන 2016 වසරේ දී අනුමත කෙරුණු අතර එය පසුගිය 2020 ජූනි මාසයේ දී අවසන් වුණා. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි මූල්‍ය ආධාර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අපට ඉල්ලීමක් ලැබුණා. ශ්‍රී ලංකාවේ සෑහීමකට පත්විය නොහැකි ආර්ථික අභියෝග සහ ඉහළ රාජ්‍ය ණය හේතුවෙන් එම සහයෝගය ඇගයීම වෙනුවෙන් අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවී තිබෙනවා. එබැවින්, වේගවත් මූල්‍යකරණ මෙවලමක් විය හැකි දේ සඳහා වන ප්‍රධාන අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න පිළිබඳව අප විමසීමක් කළා. ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට ආනයන සීමාවන් මත ක්‍රියාවට නංවා ඇති අතර අපනයන ආදායමෙන් සියයට 25 ක් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් වැනි අතිරේක ක්‍රියා මාර්ග මෑතකදී හඳුන්වා දී තිබෙනවා. චීන මහජන බැංකුව සමඟ හුවමාරු මාර්ගයක් පිළිබඳ මෑත කාලීන ගිවිසුම ද ඇතුළුව ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික ප්‍රතිපත්ති මූල්‍ය වර්ධනයන් අප සමීපව නිරීක්ෂණය කරනු ලබනවා"

Classified_Ad

Classified_Ad_News_Bottom