විද්‍යාඥයන් මවිත කළ මැක්‍රොචෙනිකා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

විද්‍යාඥයන් මවිත කළ මැක්‍රොචෙනිකා

මේ සත්වයාගේ නාසය, වෙනත් ක්ෂීරපායීන්ගේ මෙන් නොව, පිහිටා තිබුණේ ඇස් දෙක මැදිනි. එය අලියකුගේ හොඬවැලක් වැනිය. මේ සත්වයාගේ බර අශ්වයකු තරම්ය. බෙල්ල දිගය. දශක දෙකකට පෙර විද්‍යාඥයන් සොයාගත් මේ අමුතු සත්වයාගේ අබිරහස මේ වනවිට විසඳෙමින් යන බව පැවැසෙයි. පෙනුමින් පමණ ඉක්මවා වැඩුණු වර්තමානයේ ලතින් ඇමෙරිකා රටවල දකින්න ලැබෙන ඔටුවකුට සමාන ලාමා සතෙකු වැනි මේ සත්වයා, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අභියෝග කිරීම විද්‍යාඥයන් මවිත කිරීමට හේතුවක් වී ඇත. 

අමුතු සතා 

කෙසේ නමුත් මේ අමුතු සත්වයා ලාමාවකු හෝ අශ්වයකු හෝ නොවේ. විද්‍යාඥයන් මේ සත්වයා නම් කර ඇත්තේ ‘මැක්‍රෝචෙනියා පැටචොනිකා’ නමිනි. නාසය හොඬවැලක් වැනි වුවත්, මේ සත්වයා අලියකු ද නොවේ. මේ බව අනාවරණය වූයේ, හමුවී ඇති ‘මැක්‍රෝචෙනියා පැටචොනිකා’ පොසිල නව අධ්‍යනයකට යොමු කිරීම නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරකි. මේ සත්වයා වර්තමාන විද්‍යාඥයන් පමණක් නොව, පරිණාමවාදයේ පියා චාල්ස් ඩාවින් අද ජීවතුන් අතර සිටියා නම් ඔහු ද මවිත කිරීමට සමත් වනු නිසැකය. මේ සත්වයා මොකෙක්ද? උගේ වර්ගයේ අනෙක් සතුන්ට සිදුවුණේ කුමක්ද යන්න විද්‍යාඥයන්ට අබිරහසක් විය.

ඩී.එන්.ඒ. රහස් 

අමුතු සත්වයාගේ අබිරහස විසඳීමට මුලපුරා ඇත්තේ ජර්මනියේ පොට්ස්ඩම් විශ්ව විද්‍යාලයේ සහ ඇමෙරිකානු ස්වභාව ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥයන්ය. ඒ, මැක්‍රෝචෙනියා පැටචොනිකා සත්වයාගේ පොසිලවලින් සූරා ගත් ක්ෂුද්‍ර කොටස්වල පිහිටි ඩී.එන්.ඒ. අධ්‍යනයක් හරහාය. මැක්‍රෝචෙනියා පැටචොනිකා පොසිල අස්ථි සොයා ගැනීමට හැකිවී ඇත්තේ දකුණු චිලී රාජ්‍යයේ ලෙනකිනි. චිලී රාජ්‍යය අයත් වන්නේ දකුණු ඇමෙරිකාවටය. 

මෙන්න සොයා ගත් දේ

ඩී.එන්.ඒ. සාක්ෂි අධ්‍යනයෙන් සොයා ගත් කරුණු කාරණා නම්, මැක්‍රෝචෙනියා පැටචොනිකා වර්තමානයේ අපට දකින්න ලැබෙන සතුන් කිහිප දෙනකුගේ දුර ඥාතියෙකි. එම සතුන් වන්නේ අශ්වයා, රයිනෝ සහ ටැපීර් ය. මෙම සතුන් අයත් වන්නේ ‘පෙරිසෝඩැක්ටිලා’ (කුර ඇත්තෝ) පවුලටය. මෙම පවුලට ප්‍රධාන වශයෙන් අයත් වන්නේ රයිනෝසිරස් සහ සීබ්‍රාය. අවුරුදු මිලියන 66 කට පෙර, ඩයිනසෝරයන් පෘථිවියෙන් වඳවී ගියාට පසු මෙම සත්ව පවුල බෙදීමකට ලක් වී ඇති නමුත් ඉන්පසු උන්ගේ පරිණාමයක් සිදුවී නැත. මොවුන්ට පොදු මුතුන්මිත්තකු සිට නැත. චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය පවා අභියෝගයට ලක් කිරීමට මැක්‍රෝචෙනියා පැටචොනිකා සමත් වී සිටී. 

කුර ඇත්තෝ

‘පෙරිසෝඩැක්ටිලා’ ශාක භක්ෂකයන් වන අතර, මොවුන්ගේ පාදවල දෙකක් හෝ තුනක් ආදී වශයෙන් නිය වෙනුවට ඇත්තේ කුරය. වර්තමානයේ අප දකින රයිනෝසිරස්, අශ්වයන් සහ ටැපීර් සතුන් ‘පෙරිසෝඩැක්ටිලා’ පවුලේ ප්‍රධානතම සාමාජිකයන් යැයි සත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ‘පෙරිසෝඩැක්ටිලා’ පවුලේ දුර ඥාතීන් ලෙස සැලකෙන්නේ ‘බ්‍රොන්ටෝතෙරිස්’ සහ ‘කැලිකෝතෙරිස්’ ය.

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom