පරිසර දූෂණය වළක්වන්න එකමුතුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 6, 2021

පරිසර දූෂණය වළක්වන්න එකමුතුවක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන "ප්ලාස්ටික්සය්කල්" (Plasticcycle) පසුගියදා හේමාස් කන්සියුමර් සමාගම (Hemas Consumer) සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. 

මේ යටතේ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් නිවැරදි ලෙස බැහැර කිරීමට ජනතාව දිරිමත් කිරීමේ උත්සාහය යටතේ දැනට රටපුරා ස්ථාපිත කර ඇති 190 කට අධික Plasticcycle කසළ බඳුන් ජාලයට නව කසළ බඳුන් එක්කෙරෙනු ඇත. 

දෙපාර්ශ්වය අතර මේ සඳහා වූ එකඟතාවට පසුගිය පෙබරවාරි 5 දින අත්සන් තැබුණු අතර, මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ විශාල ප්‍රමාණයේ Plasticcycle බඳුන් 30 ක් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික සන්නාම අංශය වන හේමාස් කන්සියුමර් හි අනුග්‍රාහකත්වය ලැබීමට නියමිත ය. 

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා මෙසේ පැවසී ය. 

“ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමග එක්වී මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් කර්තව්‍යයකට දායක වීමට ලැබීම අපට විශාල සතුටක්. ශ්‍රී ලංකාව වඩාත් පිරිසිදු, හරිතවත් සහ නිරෝගී දේශයක් බවට පත්කිරීම සඳහා හේමාස් සමූහය පුළුල් මට්ටමේ පියවර රැසක් ගනිමින් සිටින අතර, ‘කුමාරිකා’ සහ ‘බේබි ෂෙරමි’ වැනි සන්නාමයන් ඒ උත්සාහයේ පෙරමුණ ගෙන සිටිනවා. ජෝන් කීල්ස් සමග එක්ව කටයුතු කිරීම මගින්, ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වී පවතින, ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය අවම කරමින්, වගකීම්සහගත ලෙස ප්ලාස්ටික් බැහැර කිරීමත්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමත් ජනතාව අතර ප්‍රචලිත කිරීමට අපට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.” 

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අදහස් දැක්වූයේ මෙසේ ය.

“Plasticcycle වැඩසටහන ඔස්සේ අපගේ සමාගම උත්සාහ කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ පුරොගාමියෙකු බවට පත්වීමය. මෙම මූලික අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා, එම කැපවීමම දක්වන සමාගම් හා ආයතන වලට එක්ව වැඩ කිරීමට අවස්ථාවද සලසා දෙන්නෙමු. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා අප නිර්මාණශීලී, ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් සොයාගත යුතුව තිබෙනවා. මෙම වැඩසටහනට හේමාස් සමාගමෙන් ලැබෙන සහය අප බෙහෙවින් අගය කළ යුතුයි.” 

මීට අමතරව, ඉවත දමන ප්ලාස්ටික් යොදාගෙන, පිරිසිදු කිරීම් ආම්පන්න වල භාවිතා වන ප්ලාස්ටික් මොනෝෆිලමන්ට් වර්ග සහ ලොව පුරා රෙදිපිළි නිෂ්පාදනයට යොදාගන්නා නූල් ආදී අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රීකරණකරුවන්ගේ සංගමය (Sri Lanka Recyclers Association - SLRA) සමගත්, Eco-Spindles සමාගම (BPPL Holdings PLC අනුබද්ධ සමාගමකි) සමාගම වැනි සමාගම් සමගත් හවුල්කාරීත්වයන්ට එළඹීමට Plasticcycle වැඩසටහන කටයුතු කර තිබේ. 

 නිරතුරුව 4R සංකල්පය (Refuse, Reduce, Reuse and Recycle) අවධාරණය කරන Plasticcycle වැඩසටහන මූලික වශයෙන් අංශ 3 කෙරෙහි අවධානය යොමුකර ඇත. 

එම අංශ 3 නම් භාවිතය අවම කිරීම හා සීමා කිරීම දිරිගැන්වීම, වගකීම්සහගත ලෙස බැහැර කිරීම සඳහා සහය වීම සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමයි. 

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 68 කට අධික ප්‍රමාණයක් එක්රැස් කර වගකීම්සහගත ලෙස බැහැර කිරීම සඳහා යවා තිබේ.

Plasticcycle යනු කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. 

විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 15 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. 

ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවයි. 

හේමාස් සමූහ ව්‍යාපාරයට (Hemas Holdings PLC) අනුබද්ධ සමාගමක් වන හේමාස් කන්සියුමර් යනු මෙරට ගෘහස්ථ හා පුද්ගල සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදක සමාගමකි. 

 ‘පවුල් වලට නිරෝගී ලෙස ජීවත් වීමට අත්වැලක් වීම’ යන සරල අරමුණ පෙරදැරිව 1948 වසරේදී හේමාස් සමාගම ආරම්භ විය. වසර 72 ක් පුරා සමාගම අත්පත් කරගත් දැවැන්ත වර්ධනයේ පදනම වී ඇත්තේ එම මූලික අරමුණයි. 

වර්තමානය වනවිට මෙරට ප්‍රමුඛතම කොටස් නිකුත් කළ සමාගමක් වන එහි 4,500 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර, පාරිභෝගික නිෂ්පාදන, සෞඛ්‍ය හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර වලට අදාළව ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන හා සේවා එකතුවක් පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට සමාගම සමත් වී ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රීය සාමාජිකයෙකු වන හේමාස් සමාගම මේ වනවිට බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරය යන රටවලටද තම මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර තිබේ. 

ඉදිරියේදීත් විවිධත්වයෙන් සපිරි හා උද්යෝගීමත් මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කරමින්, අර්ථවත් නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දෙමින්, විශ්වාසනීය සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, වඩාත් සමෝධානික වූ ලෝකයක පුරෝගාමීන් බවට පත්වෙමින්, තම සියලුම හවුල්කරුවන් වෙනුවෙන් සාධනීය වූ ප්‍රතිලාභ අත්කර දීම සමාගමේ පරමාර්ථය වී තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom