තමිල්නාඩු මැතිවරණයට කමල් හසන් සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

තමිල්නාඩු මැතිවරණයට කමල් හසන් සූදානම්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන් තම නව පක්ෂය හරහා ඉදිරිපත් වන බව, දේශපාලනයට පිවිසි සුපිරි නළු කමල් හසන් පවසයි. 

කමල් හසන් නියෝජනය කරන්නේ, ‘මක්කාල් නීධී මයියාම්’ හෙවත් ‘එම්.කේ.එම්. පක්ෂයයි. තමිල්නාඩු මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රාන්ත සභාවේ ආසන 234 වෙනුවෙනි. 

කමල් හසන් සහ ඔහුගේ ‘එම්.කේ.එම්.’ පක්ෂය පවසා ඇත්තේ, තමන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ආසන 154 ක් ජය ගැනීමට බවය. 

ඉතිරි ආසන 80, ‘එම්.කේ.එම්.’ පක්ෂයට සහාය දක්වමින්, එම පක්ෂය සමඟ හවුල් වී සිටින ‘ඕල් ඉන්දියා සමතුවා මක්කල්’ පක්ෂය සහ ‘මක්කල් කට්චී’ පක්ෂය අතරේ සමව බෙදී යනු ඇතැයි කමල් හසන් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

එම පක්ෂ දෙක සමඟ සාකච්ඡා පවත්වා, ආසන මෙසේ බෙදා ගැනීමට තීරණය කළේ යැයි කමල් හසන් සහ පක්ෂ සාමාජිකයන් පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. 

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom