කොරෝනා සහ තාරුණ්‍යයේ අධ්‍යාපනය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

කොරෝනා සහ තාරුණ්‍යයේ අධ්‍යාපනය

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ලෝකයේ දේශපාලන ආර්ථික සහ සමාජ සංස්කෘතික පමණක් නොව මිනිසාගේ ආරක්ෂාව පිළිබදව ගැටලු ද මතු කර තිබේ. 

මීට පෙර මනුෂ්‍ය ඉතිහාසයේ ඇති වුණු බරපතළ වසංගත තත්වයන් පැවති නමුත් කොරෝනා වසංගතයට සුවිශේෂි ප්‍රචාරයක් ලැබුනේ මෑතකදී මනුශ්‍ය වර්ගයා ප්‍රවිෂ්ට වූ ජීව දේහයන් නිර්මාණය කිරීම පදනම් කර ගනිමිනි. 

මෙම කොරෝනා තත්වයත් එහි ප්‍රතිඵලයක් වීමේ සම්භාවිතාව පවතී. මෙම නිෂ්පාදිත කොරෝනාවේ ප්‍රබල අරමුණක් බවට පත්වන්නේ සමාජ අස්ථාවරකරණය පමණක් නොව, අධ්‍යාපනය පමණකුත් නොව සමජය තුළ විශාල බියක් ඇති කිරිමයි. 

මෙම කොවිඩ් 19 ව්‍යාපෘතියෙන් වෛරසය ලෝක ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රබල වෙනස්කම් පමණක් නොව මානව චර්යා පද්ධතියේ ද ප්‍රබල වෙනස්කම් නිර්මාණය කර ඇත. කොරෝන වසංගතය තාරුණ්‍යයේ අධ්‍යාපනයට සිදු කරනු ලබන ප්‍රබලතම බලපෑම වන්නේ මානවවාදි මිනිසෙකුට වඩා තාක්ෂණික මිනිසෙකු නිර්මාණය වීමට පසුබිම සැලසීමයි. 

සමාජ සම්බන්ධතා අන්තර්ජාලය හෝ ඔන්ලයින් ක්‍රමය තුළ වර්ධනය වීමත් සමගින් අධ්‍යාපනය පමණක් නොව ආර්ථික, සමාජ, සංස්කෘතික්මය වශයෙන් සමස්ත සමාජ ක්‍රමවේදය තුළ දැඩි අස්ථාවර බවක් නිර්මාණය වී තිබේ. 

එම අස්ථාවර බව තාරුණ්‍යයේ මානසිකත්වයට සහ අධ්‍යාපනයට ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. අධ්‍යාපනික වශයෙන් තාරුණ්‍යයේ චින්තන සහ විඥානික ක්‍රමවේදයන් බිද වැටීමක් දැක ගත හැකි වේ. 

ඒ තුළින් දෙවන ආත්මයක් පුද්ගලයා තුළ නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකි වේ. එමගින් තරුණ ප්‍රජාවට මතකතබා ගැනීම, තාර්කිකත්වය, චින්තනමය කුසලාත ඇතුළු සමස්ත තාරුණ්‍යයේ විඥානික ක්‍රමවේදය බිද වැටුනු ආකාරය හදුනාගත හැකි වේ. 

මානව කියන කාරණාව මිනිසා තුළින් ඉවත්ව යාමත් සමග පරිකල්පන ශක්‍යතාව බිද වැටීම තුළින් තාක්ශණික මිනිසෙකු නිර්මාණය වීමට අවශ්‍යය සමස්ත පසුබිම කොරෝනා තුළින් නිර්මාණය වී තිබේ. 

තරුණ ප්‍රජාව මානව ගුණධර්ම තුළින් ඈත් වී තාක්ෂණික ක්‍රමවේදයකට අනුගත වීමත් සමග හෝමෝසේපියන්ගෙන් හෝමෝටෙක්නිකස් දක්වා සංක්‍රමණය වන ස්වරූපයක් දැක ගත හැකි වේ. 

කොරෝනා පැමිණීමත් සමග Zoom වැනි Softer පැමිණිමත් සමග සමස්ත සමාජයම ජාලගතකරණයට ලක්ව තිබේ. අද්‍යතන සමාජය තුළ ගුරු ගෝල සම්බන්ධතාවය ද වේගයෙන් බිද වැටි ගුරුවරයා ශිෂ්‍යාව නොහදුනනා තත්වයටත් ශිෂ්‍යයා ගුරුවරයා නොහදුනනා තත්වයටත් පරිවර්තනය වී තිබේ. 

ඒවා නැවත ඒ ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරිම කළ නොහැකි වේ. ඒ තුළින් ගොඩනැගෙන සමාජ සංවර්ධන අභියෝග සරල නොවේ.

෴මදාරා ජයවර්ධන
     කොළඹ විශ්ව විද්‍යාලය

Classified_Ad

Classified_Ad_News_Bottom