හැමෝටම එන්නත් දෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

හැමෝටම එන්නත් දෙනවා

නවසීලන්තයේ හැමෝටම ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ. 

ලෝකයේ ‘කොවිඩ් 19’ වයිරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් වී ඇත්තේ නවසීලන්තයයි. 

විටින් විට වෙලිංටන් සහ ඕක්ලන්ඩ් නගරවලින් ආසාදිතයන් වාර්තා වන අතර, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට වෙලිංටන් සහ ඕක්ලන්ඩ්න ගර ලොක්ඩවුන් කිරීම සිදුවෙයි. 

නවසීලන්ත වැසියන්ට ලබා දීම සිදු කරන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවා ඇති එන්නතය. 

සියයට 95 ක් සාර්ථක මෙම එන්නත මාත්‍රා දෙකකින් සමන්විත අතර, ගබඩා කර තබා ගැනීමට අධිශීතකරණ අවශ්‍ය වෙයි. ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන 8.5 ක් මිලදී ගැනීමට, එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පවසා තිබේ.

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom